දිවි නසාගත් බුද්ධි අංශ නිලධාරියා අවසන් ගමන් යයි
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා සියදිවි හානි කරගත් විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියාගේ අවසන් කටයුතු ඊ...

https://www.sathhanda.com/2016/10/edirisinghe-jayamanne.html
කෑගල්ල, කරඩුපාන - එපිටගෙදර වත්තේ පදිංචි හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමලත් සාජන්ට් මේජර්වරයෙක් වන එදිරිසිංහ ජයමාන්න නම් ඔහු පසුගිය 14 වනදා අලුයම සිය නිවස තුළ දී ගෙළ වැළලාගෙන මිය ගොස් සිටියදී සොයා ගනු ලැබීය.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රේම් ආනන්ද උදලාගම නමැති හමුදා බුද්ධි අංශ නිලධාරියා නිදහස් කරන ලෙස ද ඔහු සිය දිවි නසා ගැනීමට පෙර ලියූ ලිපියෙහි සඳහන් කර තිබිණි.
52 හැවිරිදි තිදරු පියෙක් වන ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබලෙකු ලෙස සේවයට එක්වී ඇත්තේ 1985 වසරේදීය.
පසුව යුද හමුදා බුද්ධි අංශයට එක්වු මොහු ගිරිතලේ යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කර තිබේ.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ 2007 වසරේ විශ්‍රම යන විට ඔහු යුද හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයෙකු ලෙස සේවය කර ඇති බවයි.
2001-2002 කාලසීමාවේදී සිදුවු මිලේනියම් සිටි සිද්ධියේදී ද මෙම බුද්ධි අංශ නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.
Related