ඊනියා යහපාලන ගැටුම් - ශ්‍රීලනිප කමිටුවට එජාප විරෝධය !

එට්කා ගිවිසුම සහ අයවැය පිළිබඳව ශ්‍රීලනිපයේ යෝජනා ඉදිරිපත් කිරීමට සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවකට භාර දී ඇති ...

එට්කා ගිවිසුම සහ අයවැය පිළිබඳව ශ්‍රීලනිපයේ යෝජනා ඉදිරිපත් කිරීමට සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවකට භාර දී ඇති අතර එජාප අමාත්‍යවරුන් ඒ සම්බන්ධයෙන් විරෝධය පළකර ඇතැයි වාර්තා වේ.

එජාපයේ අදහස පෙන්වා දෙමින් එජාප මහ ලේකම් කබීර් හෂීම් පවසා ඇත්තේ, ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ආර්ථික කමිටුවේ සාමාජිකයන් ලෙස ශ්‍රීලනිප ඇමතිවරුන් කටයුතු කළත් එම අවස්ථාවල නාමයෝජනා ඉදිරිපත් නොකර ශ්‍රීලනිපය කමිටු පත් කිරීමට කටයුතු කරන බවයි.

යෝජනා ඉදිරිපත් කරන බව කීවත් මේ වනතෙක් ශ්‍රීලනිපය අයවැය හෝ එට්කා ගිවිසුම පිළිබඳව කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි මහ ලේකම්වරයා පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රීලනිප අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ, ශ්‍රීලනිප යෝජනා සකස් කොට ඉදිරිපත් කිරීම සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවකට භාර දී ඇති බවයි.

එට්කා ගිවිසුම හෝ අයවැය යෝජනා පිළිබඳව ආර්ථික කමිටුවේ නිසි අයුරින් සාකච්ඡා කොට නැති බවත් ඒ නිසා එජාපයේ සහ ශ්‍රීලනිපයේ ඇමතිවරුන් එක්ව එම තීරණ ක්‍රියාත්මක කිරීමට පෙර සාකච්ඡා කළ යුතු බව ශ්‍රිලනිපයේ අදහස බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

(රාවය)



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8769814921377741282

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item