නොරොච්චෝලේ තාප බලාගාරයේ 'බරපතළ පිපිරීමක්'

නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 'බරපතළ මට්ටමේ' පිපිරීමක් සිදු වී ඇති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අ...

නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 'බරපතළ මට්ටමේ' පිපිරීමක් සිදු වී ඇති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

ඒ හේතුවෙන් මෙගාවොට් 900 ක බලශක්ති හිඟයක් ඇති විය හැකි බවත් නියෝජ්‍ය ඇමතිවරයා අනතුරු අඟවයි.

සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සෙනසුරාදා උදෑසන බලාගාරයේ කටයුතු ඇනහිටී බව විදුලිබල අමාත්‍යංශය මීට ඉහතදී පැවසීය.

ඒ හේතුවෙන් උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල ප්‍රදේශ ගණනාවක විදුලි සැපයුම බිඳ වැටුණු බවත් වාර්තා විය.

පැය කීපයකට පසු විකල්ප මාර්ග ඔස්සේ එම ප්‍රදේශ වෙත විදුලි සැපයුම ලබා දීමට කටයුතු කළ බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසා තිබිණි.

මෙගාවොට් 3900 වන රටේ සමස්ත විදුලි බල නිෂ්පාදනයෙන් මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1595725552950429477

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item