ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා හේතුවෙන් ලෝටස් වටරවුම අවට රථවාහන තදබදයක්

තම විශ්‍රාම වැටුප කපා හැරීමට විරෝධය පළ කරමින් ත්‍රිවිද හමුදාව හා පොලීසිය නියෝජනය කළ විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇ...

තම විශ්‍රාම වැටුප කපා හැරීමට විරෝධය පළ කරමින් ත්‍රිවිද හමුදාව හා පොලීසිය නියෝජනය කළ විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇති බව වාර්තා වෙයි.

ත්‍රිවිද හමුදාව හා පොලීසිය නියෝජනය කළ විශ්‍රාමික පිරිසක් විසින් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාරදීම සඳහා යාමට උත්සහ කිරීම හේතුවෙන් රථවාහන තඳබදය හටගෙන ඇති බවයි.

මේ හේතුවෙන් කොළඹ-ගාලු මුවදොර මාර්ගයේ වාහන ගමනා ගමනයටද බාධා එල්ලවී තිබේ. කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර දෙසට වන මාර්ගය වසා දමා ඇති බව වාර්තා වෙයි. එමෙන්ම ගාලු මුවදොර මන්සන්දියේ දැඩි රථ වාහන තඳබදයක් හට ගෙන ඇති බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යු.බී.වසන්ත සඳහන් කළේ යෝජිත සේවා විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් රණවිරුවන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට වත්මන් ආණ්ඩුව මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.

වසර 10කට අඩු විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ යෝජිත සේවා විශ්‍රාම වැටුප චක්‍රලේඛණයකට පමණක් සීමාකර ඇති බව පවසමින් පසුගිය ජුලි මස 30 වැනිදා පිටකොටුව ප්‍රදේශයේ දී ආබාධිත රණවිරුවන් උද්ඝෝෂණය නිරත වුණි.

කෙසේවෙතත් එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක තම ගැටළුවට මාස 3ක් ඇතුළත විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වූ බව යූ.බී. වසන්ත පවසයි.

මේ වන විට එම කාලය ඉක්මවා ගොස් ඇති අතර මේ වන තෙක් තම ගැටළුව විසඳීමට බලධාරීන් කටයුතු කර නොමැති බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යු.බී.වසන්ත වැඩිදුරටත් සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5456594760193490280

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item