සංහිඳියාව ඇතිවෙන්න දෙපැත්තේම සංහිඳියාව තිබිය යුතුයි - මහින්ද රාජපක්ෂ

සංහිඳියාවක් ඇතිවෙන්න නම් දෙපැත්තෙන්ම සංහිඳියාව තිබිය යුතුයි. එක පැත්තකින් සංහිඳියාව තිබිලා බෑ, අපි සංහිඳියාව ඇතිකරන්නත් උතුරේ එයට විරුද්ධ...

සංහිඳියාවක් ඇතිවෙන්න නම් දෙපැත්තෙන්ම සංහිඳියාව තිබිය යුතුයි. එක පැත්තකින් සංහිඳියාව තිබිලා බෑ, අපි සංහිඳියාව ඇතිකරන්නත් උතුරේ එයට විරුද්ධව කටයුතු කරන්නටත් සුදානම් වෙනවා නම් එතන සංහිඳියාවක් ඇති වෙන්නේ නැති නිසා අපිට ඒ ගැන කතාකරන්න සිදුවී ඇතිබව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටී.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (16) සවස ලුණුගම්වෙහෙර කැන්දගස්මංකඩ ශ්‍රී රත්නාරාම පුරාන විහාරයේ අභිනවයෙන් ඉදිකළ වාහල්කඩ හා බෞද්ධ මන්දිරය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමිනි.
පන්සල් වලින් ගෙනගිය අලින්ට කරදර

තිස්සමහාරාම පන්සලේ හිටිය නායක හාමුදුරුවන්ගෙ අලියා අරගෙන ගියා. කතරගම දේවාලෙ අලියා අරගෙන ගියා. ගංගාරාම පන්සලේ අලියා අරන් ගියා. දැන් මේ අලි අරගෙන ගිහිල්ලා පින්නවලට දාල පින්නවලදි අර අලියා බලාගත්ත ඇත් ගොව්වා නෙවෙයි ඔවුන් බලා ගන්නෙ. ඒ නිසා අලියාට මහත් කරදර වෙලා තියෙනවා, තුවාල වෙලා තියෙනවා, මැරිලා තියෙනවා. මේවා පිළිබඳව කවුරුවත් කථාකරන්නෙ නැති බවයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

'කතරගම දේවාලෙ අලියා අරන් ගිහිල්ලා දවස් 21 ක් යන්න ඉස්සරවෙලා FCID එකට, CID එකට අල්ලස් කොමසාරිස් ජනරාල්වරියට රටේ ජනාධිපතිතුමා චෝදනා කරනවා විතරක් නෙවෙයි එතුමා කියනවා මම කාටවත් භය නෑ කියලා. මම දන්නෙ නෑ රටේ විධායක ජනාධිපතිවරයා භය කරන්න කවුරුවත් හැදුවද කියලා. අපි හිතනවා මේ කියන්න ඇත්තෙ අගමැතිතුමාට වෙන්න ඇති. එතුමා මේ ගැන කථා කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. මම නම් පුදුම වුණා මේවා නොදන්නවයි කියලා.'

'අපි අපේ කාලය තුළදී යුද්ධයක් අවසන් කරලා රටක් සංවර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි යෙදුවා‍. රටක් සංවර්ධනය වෙනකොට ජනතාවත් සංවර්ධනය විය යුතුයි. ඒ කාර්යභාරය රජයකට විතරක් කරන්න පුළුවන්කමක් නෑ. ඒකට ජනතාවගේ සහයෝගය වගේම ගරුතර මහා සංඝරත්නයේ මගපෙන්වීම අවශ්‍ය වෙනවා. අද මේ ආණ්ඩු කරන විදියට 15 වෙනිදයින් පස්සෙ බලයට ආවට පස්සෙ පාර්ලිමේන්තුව දෙපැත්තක් හැදුනයින් පස්සෙ මේ ආණ්ඩුව හරියට ගොනයි මීමයි - එළ හරකයි මී හරකයි එකට බැඳලා කුඹුරු හාන්න ගියා වගේ වැඩක් වෙන්න යන්නෙ. මං හිතන්නෙ ඒක අද පැහැදිළිව පේනවා‍.'

රටේ විධායක ජනාධිපතිවරයා ශක්තිමත්ව ඉන්නකොට තමයි රටකට වැඩක් කරන්න පුළුවන් වෙන්නෙ. හැබැයි මේ අවරුදු 02 තුළ මේ සියලු දෙනා කළේ පලිගැනීම. මගෙන් පලිගැනීම, පවුලෙන් පලිගැනීම විතරක් නෙවෙයි අවසානයේ හාමුදුරුවරුන්ගෙන් පලිගන්න පටන්ගත්තා. FCID එකට අරන් යනවා, පන්සල හැදුවෙ කොහොමද කියලා අහනවා. මේකට සල්ලි දුන්නෙ කවුද ලයිස්තුව අහනවා. ඒ පාර ඒ ලයිස්තුව හොයාගෙන යනවා. ගිහිල්ලා අහනවා කීයක් දුන්නද කියලා. මේ විදියට පහළොස්දාහකට විසිදාහකට වැඩිය රජයේ සේවකයා ව්‍යාපාරිකයෝ හාමුදුරුවරු අරගෙන ගිහිල්ලා කරදරයට පත්කරනවා. හාමුදුරුවරු අදවන විට 48 දෙනෙක් හිරගෙදර‍. එයින් උඩුවෙ ධම්මාලෝක නායක හැමුදුරුවොත් එයින් එක්කෙනෙක් බවට පත් වුණ බවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

'අපේ ඉතිහාසයේ මෙහෙම වෙන්නේ නෑ, අපි මහා සංඝරත්නයට සලකපු හැටි අපි දන්නවා. අපේ කාලයේ තමයි බෞද්ධ ප්‍රබෝධයක් ආපහු ආවේ. එ්ක කාටවත් නෑ කියන්න පුලුවන් කමක් නෑ. රට සංවර්ධනය කරා විතරක් නොවේ පන්සල්, කෝවිල්, විනාශ කරලා දාපු මුස්ලිම් පල්ලි අපි ගොඩ නැගුවා. නමුත් ඒ සමහර පන්සල් වල තිබු බුද්ධරූප ඉවත්කරගෙන යන එක තමයි අපිට තිබෙන කනගාටුව.'

අද ඕනෑම රුපවාහිනී නාලිකාවක් අපිට බනින ඒවානම් දානවා, මොකද අද මාධ්‍යයට වාරණයක් නෑ කියලා කිවුවට වාරණය හොඳටම දාලා තියෙන්නේ මේ යුගයේ තමයි. ගෙනල්ලා පුද්ගලිකව අයිතිකාරයට බනිනවා. පාර්ලිමේන්තුවේ නම් කියලා වාර්තාකාරයින්ට බනිනවා. මෙවැනි යුගයක් මීට පෙර නොතිබූ බවයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ.

හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4960193331367436276

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item