අද සිට දෙපැයක් විදුලිය කපයි

අද දිනයේ සිට දිනකට පැය දෙකක කාලයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය බිඳ වැටීම මීට ...

අද දිනයේ සිට දිනකට පැය දෙකක කාලයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය බිඳ වැටීම මීට හේතුවයි.

ඒ අනුව දිවා කාලයේදී පැයක් හා රාත‍්‍රී කාලයේදී පැයක් ලෙස විදුලිය කබා හැරීමට නියමිතය.

කෙසේ වෙතත් කොළඹ නගරයේ හා රෝහල්, කර්මාන්තපුර ආශ‍්‍රිත ප‍්‍රදේශවලට විදුලිය කපා හැරීමක් සිදු නොවනු ඇති. විදුලිය කපා හරින කාල සටහන අද දිනය තුල ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත අතර සතියකට වැඩි කාලයක් එසේ විදුලිය කපා හැරෙනු ඇත.

නොරොච්චෝල බලාගාරය සම්පුර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරවීමට මාසයක් කාලයක් ගතවනු ඇතැයිද ලංවිම ආරංචි මාර්ග වාර්තා කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 575203271911267723

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item