ජනාධිපතිතුමා කිසි විටෙකත් කොමිෂන් සභාවලට විරෝධයක් පළකළේ නැහැ

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් සඳහන් වූයේ සැබෑ රණවිරුවන් ආරක්ෂා කළ යුතු අතර, හොරුන් ආරක්ෂා කිරීම නොවේ යැයි නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු ...

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් සඳහන් වූයේ සැබෑ රණවිරුවන් ආරක්ෂා කළ යුතු අතර, හොරුන් ආරක්ෂා කිරීම නොවේ යැයි නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ හතා පැවසීය.

පසුගියදා කෑගල්ල බටංගල අභිනවයෙන් ගොඩනගන ලද තාක්ෂණික විශ්වවිද්‍යාල විද්‍යායතනය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළේය. රටක සංවර්ධනය සඳහා දේශපාලන ස්ථාවරභාවයක් අවශ්‍ය බවත්, දේශපාලන ස්ථාවරභාවය මත ආර්ථික සහ සමාජීය ස්ථාවරභාවය ගොඩනැගිය හැකි බවත් අමාත්‍යවරයා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "යුද ජයග්‍රහණයෙන් පසු අපේ සොල්දාදුවන් යුද අධිකරණයට හෝ ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා යොමු කිරීමට ජනාධිපතිතුමා කිසිසේත් ඉඩ සලසා දුන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් විශේෂයෙන්ම සඳහන් කරන්නට යෙදුණේ රට වෙනුවෙන් එවැනි උදාර මෙහෙවරක් කළ රණවිරුවන් ආරක්ෂා කිරීම මිස හොරුන් ආරක්ෂා කිරීම නොවේ. අගමැතිතුමාද එම ස්ථාවරයේම ඉන්නවා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට සමහර මාධ්‍ය වැරදි අර්ථකතනදී තිබුණා. සමහර මාධ්‍ය ජනාධිපතිතුමාගේ කතාවෙන් කොනක් අල්ලගෙන අදහස විකෘති කරන්න ක්‍රියා කළා.

ජනාධිපතිතුමා කිසි විටෙකත් කොමිෂන් සභාවලට විරෝධයක් පළකළේ නැහැ. මේ රටේ කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීමට අපි එකඟයි. ඒ ස්ථාවරයේ අගමැතිතුමත් ඉන්නවා." යනුවෙන් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4838257296240125168

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item