මටත් අනවශ්‍ය බලපෑම් තිබුණා - උපේක්ෂා

පාර්ලිමේන්තුව තුළදී ලිංගිකත්වය පදනම් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හිරිහැරයට ලක්වන බව හිටපු මන්ත්‍රීනි උපේක...

පාර්ලිමේන්තුව තුළදී ලිංගිකත්වය පදනම් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හිරිහැරයට ලක්වන බව හිටපු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි පවසයි.

ලොව පුරා මන්ත්‍රීවරියන් ඇතැම් දේශපාලඥයන්ගේ ලිංගික හා වෙනත් බලපෑම්වලට ගොදුරුවන බව පැවසෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) නව වාර්තාව සම්බන්ධයෙන් බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරිය මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අනිසි බලපෑම්වලට ගොදුරු වුවත්, ඉතා උසස් අන්දමින් කටයුතු කරන මහජන නියෝජිතයන්ද ඔවුන් අතර සිටින බවද ඇය පවසා තිබේ.

"මේ ගැටලුව හැමෝගෙන්ම එල්ල වෙන්නෙ නැහැ. ඒ වගේ මානසිකත්වයෙන් යුක්ත අතලොස්සක් පමණයි පාර්ලිමේන්තුවේ ඉන්නෙ. හැබැයි, ඒ අතලොස්ස කරන දේ ප්‍රමාණවත්" යැයි හිටපු මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.

මහජන නියෝජිතයන් හැටියට මන්ත්‍රීවරියන්ට වෙනත් දේශපාලනඥයන් සමග කටයුතු කිරීමට සිදුවන බවත්, එවැනි අවස්ථාවලදී ඇතැම් දේශපාලනඥයන්ගෙන් කාන්තාවන් වීම නිසාම තමන්ට අනවශ්‍ය බලපෑම් එල්ල වූ බවද ඇය සඳහන් කර ඇත.

"මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. මම දේශපාලනයට එන්නේ විවාහ වෙලා. ඒ අවස්ථාවේ මට තිබුණ පිළිගැනීම සහ මම දික්කසාද වීමෙන් පසු ලැබුණ පිළිගැනීම හාත්පසින්ම වෙනස්. ඉන් පස්සේ මට අනවශ්‍ය යෝජනා, ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා වූ යෝජනා ආදිය ඉදිරිපත් වුණා. එවැනි යෝජනා ඉදිරිපත් කළ පුද්ගලයන් මට උදව් කරන බව පවසමින් ඔවුන්ගේ කාර්යාලවලට එනමෙන් මට ආරාධනා කළා."

"පිටරට සංචාර යෑම සඳහා ඇතැම් දේශපාලනඥයන් මට ආරාධනා කළා. පිටරට ගියාම ඔවුන් හමුවීමට ටෙලිෆෝන් කරන්න කියනවා. ඒ වගේ අත්දැකීම් මට තියෙනවා" ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ මෙය දරුණු ඛේදවාචකයක් බව පවසා ඇති හිටපු මන්ත්‍රීවරිය, සමස්තයක් වශයෙන් වෙළෙඳ දැන්විම් ඇතුළුව බොහෝ මාධ්‍ය වැඩසටහන් තුළ පවා යම් මට්ටමින් කාන්තා හිංසනයක් සිදුවන බවද පවසා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2371023390605991699

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item