උතුරේ බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය කළ යුතුයි

නව ව්‍යවස්ථාවට විරෝධය පාමින් ජනතා විරෝධී රැළි මාලාවක් සංවිධානය කරන බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි. උන්වහන්සේ මේ බව කියා ස...

නව ව්‍යවස්ථාවට විරෝධය පාමින් ජනතා විරෝධී රැළි මාලාවක් සංවිධානය කරන බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අද(28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එමෙන්ම උතුරේ සුළු සිදුවීමක් වුවත් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් දකුණේ සුළු සිදුවීමකදී පිරිස් අත්අඩංගුවට ගන්නා බවත් උන්වහන්සේ පෙන්වා දී තිබේ.

උතුරේ බෞද්ධ වෙහෙර විහාර 270 වඩා ඇති බවත්, ඒ පිළිබඳව විග්නේෂ්වරන් නොදන්නවා විය නොහැකි බවත්, ඒ පිළිබඳව පිරිස් දැනුවත් කර ඒවා සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පවසයි.

උතුරේ ඇති වෙහෙර විහාරයන් පිළිබඳව සොයා බලා ඒවා සංරක්ෂණය කර ස්වාමීන් වහන්සේලා නැවත පදිංචි කළ යුතු බවත්, එසේ නොකළහොත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැටලීමට කටයුතු කරන බවත් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පෙන්වා දී තිබේ.

එමෙන්ම මේ ආගමික ස්ථානයන් පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් විසින් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද පෙන්වා දී ඇත.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා උතුරේ මහවිරු දිනය සැමරීමට ඉඩ ලබා නොදෙන බවට අභියෝග කළ බවත්, එසේ වුවද උතුරේ මහවිරු දිනය සැමරූ බවත්, ඊට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දිය යුතු බවත් උන්වහන්සේ පවසයි.

මෙවන් වටපිටාවක් තුළ මහවිරු දිනය සැමරූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පූජ්‍ය අක්මීමන සද්ධාතිස්ස හිමි පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම රජයට අවශ්‍ය වී ඇත්තේ නව ව්‍යවස්ථාවක් මගින් රට බෙදීමට බවත් උන්වහන්සේ ‍පවසයි.

මහ නායක හිමිවරුන්ගේ මතයට ගරු කරමින් රට ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා කැප විය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6858131618801389156

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item