අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පත්කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරී...

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පත්කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

වසර 25ට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති සරත් ජයමාන්න මෙම ධූරයට පත් කෙරෙන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු ලෙස සේවය කළේය.

වෝහාරික විද්‍යාව පිළිබඳ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ඇති සරත් ජයමාන්න ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන අතර ශී‍්‍ර ලංකාවේ නීතිමය කි‍්‍රයාවලිය සඳහා ඩී.එන්.ඒ සහ දුරකථන සාක්ෂි හඳුන්වාදීමට ද මූලික වී කි‍්‍රයා කළ අයෙකු බව සඳහන්ය. 

එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ඩිල්රුක්ෂි වික්‍රමසිංහ පසුගියදා එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසු එහි නියෝජ්‍ය අධ්‍යක‍ෂ ජනරාල්වරියක ලෙස කටයුතු කළ සුනේත්‍රා ජයසිංහ එම තනතුරේ මෙතෙක් කලක් වැඩ බැලීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6806567657752659829

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item