සුදු වෑන් රියකින් ඇවිත් වඩුකොඩෙයි තරුණියක පැහැරගෙන යති

යාපනය වඩුකොඩෙයි ප්‍රදේශයේ නිවසකට පෙරේදා (09 දා) පෙරවරුවේ සුදු වෑන් රියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පස්‌දෙනකු විසින් විසි හැවිරිදි තරුණියක...

යාපනය වඩුකොඩෙයි ප්‍රදේශයේ නිවසකට පෙරේදා (09 දා) පෙරවරුවේ සුදු වෑන් රියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පස්‌දෙනකු විසින් විසි හැවිරිදි තරුණියක පැහැරගෙන ගොස්‌ ඇත.

එදින පෙරවරු 11.50 ට පමණ එම තරුණිය සිය පියා සමග නිවසේ රැඳී සිටියදී පැමිණි පිරිස ඇගේ පියාට පහරදී ඇය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ ඇති බව වඩුකොඩෙයි පොලිසිය පවසයි.

තම දියණියගේ පෙම්වතා මීට දින කීපයකට පමණ පෙර ඇය තමන්ට විවාහ කර දෙන ලෙසට ඉල්ලා සිටි බවත්, තමන් ඊට විරුද්ධත්වය පළකර සිටි බවත් පැහැරගෙන ගිය තරුණියගේ පියා ඒ පිළිබඳව පැමිණිලි කරමින් වඩුකොඩෙයි පොලිසියට ප්‍රකාශ කොට ඇත.

කෙසේ වුවද පැහැර ගැනීමට ලක්‌වූ තරුණිය පිළිබඳව ඊයේ (10 දා) වන තුරුත් කිසිදු තොරතුරක්‌ වාර්තාවී නොතිබිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5611346585524903786

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item