“සමකාලීන මාධ්‍ය පර්යේෂණ ප්‍රවණතා” කෘතිය එළිදැක්වීම

කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ සිව්වන වසර මුද්‍රිත මාධ්‍ය අධ්‍යයන විද්‍යාර්ථින් විසින් රචිත “සමකාලීන මා...


කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ සිව්වන වසර මුද්‍රිත මාධ්‍ය අධ්‍යයන විද්‍යාර්ථින් විසින් රචිත “සමකාලීන මාධ්‍ය පර්යේෂණ ප‍්‍රවණතා කෘතිය” එළිදැක්වීම 2016 නොවැම්බර් මස 24 වන දින ප.ව. 3.00 සිට ශ්‍රී  පාලි මණ්ඩපයේ අරුන්දතී ශාලාවේදී පැවැත්වේ. මෙහි ආරාධිත දේශකයින් ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහ සහභාගි වේ.

මුද්‍රිත මාධ්‍යයෙන් ආරම්භ වන නූතන ජනමාධ්‍ය ක‍්‍රියාවලිය අද්‍යතනය වන විට සමස්ත මානව සමාජය මෙහෙයවනු ලබන දැවැන්තම බලවේගය බවට පත්ව තිබේ. විශේෂයෙන්ම පුවත්පත, ගුවන්විදුලිය සහ රූපවාහිනියේ ආගමනයත් සමඟ ක‍්‍රමයෙන් බිහිවන ප‍්‍රාථමික තොරතුරු යුගයත් ඉන් අනතුරුව චන්ද්‍රිකා රූපවාහිනී, අන්තර්ජාලය සහ ජංගම දුරකථන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන ද්විතීයික තොරතුරු යුගයත් පසු කර අප දැන් එළඹ සිටිනුයේ තෘතීයික තොරතුරු යුගයටය. මෙම අවධියේ දී සියළුම ජනමාධ්‍ය අභිසරණයට ලක්ව අන්තර් ක‍්‍රියා කරමින් මානව සමාජ දේහය මෙහෙයවමින් සිටියි.

ඒ අනුව තෘතීයික තොරතුරු යුගයේ දී සිදුවන ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වයේ බලපෑම මානව ඉතිහාසයේ සෑම යුගයක්ම අභිබවා පුද්ගල ජන විඥානයෙහි සර්ව බලධාරී නියාමකයා වශයෙන් ක‍්‍රියාත්මක වන බව අප සැවොම පිළිගත යුතු පොදු සත්‍යය වේ. එබැවින් මෙම තත්ත්වය වඩාත් ගැඹුරින් විග‍්‍රහ කර ගැනීම සඳහා ඒ පිළිබඳ පර්යේෂණ සිදු කළ යුතු වේ.

ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මුද්‍රිත මාධ්‍ය විද්‍යාර්ථින් වශයෙන් අප ඒ සඳහා තැබූ ආරම්භක පියවරක් ලෙස මෙම “සමකාලීන මාධ්‍ය පර්යේෂණ ප‍්‍රවණතා” කෘතිය පෙන්වා දිය හැකිය. එසේම මෙම කෘතිය අනාගත විද්‍යාර්ථින් පර්යේෂණවලට යොමුකිරීමේ සහ ඔවුන් ග‍්‍රන්ථකරණය සඳහා යොමුවීම අභිපේ‍්‍රරණය කිරීමේ මාහැඟි කර්තව්‍යයක් වශයෙන් ද පෙන්වා දිය හැකිය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

සාහිත්‍ය කලා 3942411237517438675

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item