අමරදේවයන්ගේ දේහය නිදහස් චතුරස්‍රයට, හෙට වෛද්‍ය විද්‍යාලයට

ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වූ පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන්ගේ දේහය අද (04) දහවල් කොළඹ නිදහස් පරිශ්‍රයට  ළඟා වෙමින් පවතී. මේ වනවිටත් හෙළයේ මහා ගාන...

ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වූ පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන්ගේ දේහය අද (04) දහවල් කොළඹ නිදහස් පරිශ්‍රයට  ළඟා වෙමින් පවතී. මේ වනවිටත් හෙළයේ මහා ගාන්ධර්වයාණන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් නිදහස් චතුරස්‍රය වෙත පැමිණ ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

පාසල් සිසුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක්  පෙරහරට  සහභාගී වෙති.ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා  නිදහස් පිටිය අසල දී මල් ඉස්සේය.

අමරදේවයන්ගේ සිරුර හෙට දිනය දක්වා මහජන ගෞරව සඳහා නිදහස් චතුරස්‍රයේ තැබෙනු ඇත.

හෙට දිනයේදී අවසන් ආගමික වතාවත් සිදුකිරීමට ඒ මහතාගේ පවුලේ ඥාතීන් තීරණය කර තිබේ. ඉන් අනතුරුව එතුමාගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට භාරදීමට නියමිතය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9133025160066829645

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item