ඇමතුම දුන්නේ සාගල - පොලිස්පතිට ආ ඇමතුමේ ඇත්ත පාර්ලිමේන්තුවේ දී රනිල් හෙළි කරයි

රත්නපුර ප‍්‍රදේශයේ උත්සවයක් අමතමින් සිටිය දී පොලිස්පති පූජිත් ජයසුන්දරට ලැබුණු සැක සහිත දුරකතන ඇමතුම සහ පොලිස්පතිවරයා ඊට දැක් වූ ප‍්‍රතිච...

රත්නපුර ප‍්‍රදේශයේ උත්සවයක් අමතමින් සිටිය දී පොලිස්පති පූජිත් ජයසුන්දරට ලැබුණු සැක සහිත දුරකතන ඇමතුම සහ පොලිස්පතිවරයා ඊට දැක් වූ ප‍්‍රතිචාරය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද කරුණු දැක්වූවා.

දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයාට පොලිස්පතිවරයා ආමන්ත‍්‍රණය කළේ ‘‘සර් ’’ ලෙසයි. නිළමේ නමැත්තෙකු පිළිබඳව ද එහි සඳහන් වුණා. නිළමේ නමැත්තා අත්අඩංගුවට නොගන්නා බවයි පොලිස්පතිවරයා කියා සිටියේ.

සැක සහිත මෙම දුරකතන ඇමතුම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අද කරුණු දැක්වූයේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායකගේ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින්.

“මේ පුද්ගලයාට උසාවියට එන්න කියලා. එතනදි අහලා තියෙනවා උසාවියට අවාහම අත්අඩංගුවට ගන්නවාද කියලා. පොලිස්පතිතුමා හොයලා බලලා කියලා තියෙනවා නැහැ එයාට උසාවියට එන්න කියලා තියෙන්නේ ලිපි වගයක් භාර දෙන්න විතරයි. ඒ නිසා මෙයා අත්අඩංගුවට ගන්නෙ නැහැ කියලා”.

පොලිස්පතිවරයාට ලැබුණු සැක සහිත දුරකතන ඇමතුමේ සඳහන් වූ ‘‘නිළමේ’’ යනු කවුරුන්දැයි ද අග‍්‍රාමාත්‍යවරයාගෙන් මෙහි දී ප‍්‍රශ්න කෙරුණා.

“මමත් ඔය නිළමේව දන්නවා. අපි එක්ක හිටියේ ගිහින් රජතුමාට හේත්තු වුණා. ඒ වුණාට ඉතිං පරණ සම්බන්ධකම් තියෙන නිසා ඇවිල්ලා අහනවා මාව ගෙනියනවද නැද්ද කියලා. ඔච්චරයි අහන්නේ. මේක දෙවිනුවර දේවාලේ දායක සභාවේ ප්‍රශ්ණයක් මට පේන හැටියට”.

අදාළ දුරකතන ඇමතුම පොලිස්පතිවරයාට ලබාදුන් ‘‘ සර්’’ කවුරුන්දැයි ද මන්ත‍්‍රීවරුන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

පොලිස්පතිවරයාට ලැබුණු සැක සහිත දුරකතන ඇමතුමේ සඳහන් නිලමේ නමැත්තාට ඇති චෝදනා පිළිබඳ විමර්ශන නතර කර නොමැති බව ද අවශ්‍යතාවක් ඇති වූ ඕනෑම අවස්ථාවක දී මෙම නිලමේ නමැත්තා අත්අඩංගුවට ගැනීමට බාධාවක් නොමැති බව ද අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියා.

කෙනෙකු අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම ආණ්ඩුවේ තීරණයක් නොවන බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8918116155696402339

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item