කැප්පෙටිපොළ වැනි වීරයන්ගේ හිස ගසා දැමූ බ්‍රවුන්රිග්ලා පිළිගැනීමට පවා සිංහල දේශද්‍රෝහීන් සිටියා
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන විවිධ ගැටලු ඉදිරියේ රට, ජාතිය, ආගම බේරා ගැනීමට මහා සංඝරත්නය එකට එකතුවී කටයුතු කළ යුතු හොඳම කාලය මේ කාලය බව...
https://www.sathhanda.com/2016/12/blog-post_189.html
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන විවිධ ගැටලු ඉදිරියේ රට, ජාතිය, ආගම බේරා ගැනීමට මහා සංඝරත්නය එකට එකතුවී කටයුතු කළ යුතු හොඳම කාලය මේ කාලය බව පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්‌ඩිත මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ පසුගියදා සමස්‌ත රටවාසීන්ට සෙත්පතා විහාරස්‌ථානයේ පැවැත්වූ බෝධි පූජා පිංකමේ අනුශාසනාව පවත්වමිනි. එහිදී අභයතිස්‌ස හිමියෝ මෙසේද සඳහන් කළහ.
හයවැනි පරාක්‍රමබාහු මහරජතුමන්ගේ ආදරණීය මෑණියන්ට කෘත ගුණ සැලකීම සඳහා පිහිට වූ විද්‍යාස්‌ථානය පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙණයි. මෙහි ස්‌ථාපිත කර ඇති ශිලා ලේඛනය ඉතිහාසය තුළ ලියවුණ අදටත් අප අතර සුරක්‍ෂිතව පවතින සුවිශේෂී කථිකාවතක්. මේ කථිකාවතෙන් පනවනවා "සම්බුද්ධ ශාසනය සුරක්‍ෂිත කරන ආයතනයක් හැටියට මෙය පැවතිය යුතුයි" කියා. ඒ නිසා රට, ජාතිය, ආගම, භාෂාව සුරක්‍ෂිත කිරීමට ඉතිහාසයේ ලියා ඇති ඒ වගකීම ඉටුකිරීම අපගේ අපේක්‍ෂාවන් වනවා. ඒ අනුව මහා සංඝරත්නය විධියට එකතුවී කටයුතු කළ යුතු හොඳම කාලය මේ කාලයයි.
එදා මහා සංඝරත්නය පාලකයන්ට මෙන්ම වීරවරයන්ව අවධාරණය කළේ "ඔබ රාජෙද්‍රdaහී වුණත් කමක් නෑ. ඔබ දේශෙද්‍රdaහී වෙන්න එපා කියලයි. ඒ අනුව දේශෙද්‍රdaහී නොවූ වීරවරයන් එදා රටේ සම්භාවනාවට පාත්‍ර වුණා.
මීට හරියටම අවුරුදු දෙසීයකට පෙර එනම් 1815 දී පාවා දෙන නායකයන් නිසා මේ රට ඉංගී්‍රසි කිරීටයට යටත් වුණා. ගිවිසුම් කඩ කිරීම නිසා 1818 දී ඉංගී්‍රසීන්ට එරෙහිව මහා කැරැල්ලක් ඇති වුණා. ඒ කැරැල්ලට නායකත්වය දුන් විශාල පිරිසක් ඝාතනය කළ බව බ්‍රිතාන්‍ය වාර්තාවලින්ම පේනවා.
ඒ අනුව එදා කැප්පෙටිපොළ වීරයා ඝාතනය කර බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා කොළඹට එද්දී මල්මාලා දමා ඔහු පිළිගන්න සිංහලයෝ හයහත් දාහක් බලාගෙන ඉඳලා තියනවා. වීරවරයන් හිස ගසා දමද්දී දේශද්‍රෝහීන් මල්මාලා දමා පිළිගත් සිංහලයන් හිටිය රටක් මේ. ඒ ඉතිහාසය යළි සිහිපත් වෙන වැඩකටයුතු සිදුවෙමින් පවතින බව පේනවා.
අපේ රට රකින්න ජීවිත පරිත්‍යාග කළ වීරෝදාර සෙබළු, බුද්ධි අංශ නිලධාරීන් සිරගත වන යුගයක්, යුද්ධය නිමා කිරීමට නායකත්වය දුන් අය සිරගත වන අවධියක ඔවුන් වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් යොදා නැතැයිද උන්වහන්සේ පැවැසූහ.
Related