ප්‍රභාකරන් බේරා ගැනීමට ඇමරිකාව හා නෝර්වේ කළ මෙහෙයුමට ඉන්දියාව එරෙහි වුණා ශිවශංකර් මෙනන් මුල්වරට හෙළි කරයි

ඇමරිකාව සහ නෝර්වේ එකතු වී ප්‍රභාකරන් බේරා ගැනීමට දියත් කළ මෙහෙයුමට තමිල්නාඩු නායකන් ප්‍රමුඛ ඉන්දියාව එරෙහි වූ බව ඉන්දීය ජාතික ආරක්‌ෂක සේව...

ඇමරිකාව සහ නෝර්වේ එකතු වී ප්‍රභාකරන් බේරා ගැනීමට දියත් කළ මෙහෙයුමට තමිල්නාඩු නායකන් ප්‍රමුඛ ඉන්දියාව එරෙහි වූ බව ඉන්දීය ජාතික ආරක්‌ෂක සේවා හිටපු උපදේශක ශිවශංකර් මෙනන් මුල්වරට හෙළිකර ඇත. 

එම රටවල අදහස වූයේ ප්‍රභාකරන්ට තවත් කාලයක්‌ සටන් කිරීමට අවස්‌ථාව දීම බවද හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ නායකයන් ඝාතනය කළ අන්දමට තමිල්නාඩුවේ ද්‍රවිඩ නායකයන් ඝාතනය කිරීමට ද ප්‍රභාකරන් කටයුතු කරන බව තමිල්නාඩු ද්‍රවිඩ නායකයන්ට අවබෝධ වී තිබූ බවද ශිවශංකර් මෙනන් වැඩිදුරටත් අනාවරණය කර ඇත.

ඇමරිකාව සහ නෝර්වේ රාජ්‍යය ප්‍රභාකරන් බේරා ගැනීමට දැරූ උත්සාහයට එරෙහිව කරුණානිධිගේ ඩී.එම්.කේ. පක්‌ෂය හා ජයලලිතාගේ අන්නා ඩී. එම්. කේ. පක්‌ෂයද ඉන්දියාව ගත් තීරණයට සහාය දැක්‌වූ බව ශිවශංකර් මෙනන් කියා සිටියේය.

ඇමරිකාව සහ නෝර්වේ රටවල් ප්‍රභාකරන් බේරා ගැනීමට උත්සාහ කළ බව ඉන්දීය රජයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මුළු ලොවටම හෙළි කළේ ප්‍රථම වරටය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6717287219416389235

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item