හම්බන්තොට වරායේ රාජකාරියට නාවොත් අලුත් සේවකයන් - අර්ජුන රණතුංග

උද්ඝෝෂණයක නිරත වෙමින් හම්බන්තොට වරාය කළමනාකරණ සමාගමේ රාජකාරි සඳහා වාර්තා නොකරන පිරිස ගැන ඉදිරියේදී දැඩි තීරණයක් ගෙන, එම පිරිස වෙනුවට හම්බ...

උද්ඝෝෂණයක නිරත වෙමින් හම්බන්තොට වරාය කළමනාකරණ සමාගමේ රාජකාරි සඳහා වාර්තා නොකරන පිරිස ගැන ඉදිරියේදී දැඩි තීරණයක් ගෙන, එම පිරිස වෙනුවට හම්බන්තොට ප්‍රදේශයෙන් වෙනත් පිරිසක් බඳවා ගන්නා බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ(13දා) පැවසීය.

පසුගිය ආණ්ඩුව පැවැති කාලයේ පෞද්ගලික සමාගමකට බඳවාගෙන ඇති මෙම සේවක පිරිසෙන් සමහරක් වරාය අධිකාරියට බඳවාගැනීමට අවශ්‍ය කරන සුදුසුකම් සපුරා නැතැයිද ඇමතිවරයා සඳහන් කළේය.

මෙම කරුණ ගැන දැනුවත්ව සිටිමින්,දේශපාලන අරමුණු සඳහා සේවක පිරිස යොදාගනිමින් හම්බන්තොට වරායේ උද්ඝෝෂණය මෙහෙයවන්නේපසුගියකාලයේදී කළුතරින් දේශපාලනය කළ පිරිසක් සහ හම්බන්තොට නිල් බළකායට අයත් කිහිපදෙනෙකු විසින් බවද රණතුංග කියා සිටියේය.

අත්තනගල්ල ඌරාපොළ යටවක ශ්‍රී නිවේසාරාම පුරාණ විහාරස්ථානයේ පැවැති "ගමේ පන්සල ගමට සවියක්" වැඩසටහනට එක්වෙමින් හෙතෙම මේ බව කියාසිටියේය. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3445778524127029484

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item