අද පපුවට ගහ ගන්නා දේශමාමකයින් එදා ෆෙඩරල් කරගහගෙන ආවා

අද දවසේ දේශමාමක යයි කියාගනිමින් පපුවට ගසාගන්නා අය මීට පෙරාතුව ෆෙඩරල් ව්‍යවස්ථා හදපු උදවිය බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, පාඨලී චම්...

අද දවසේ දේශමාමක යයි කියාගනිමින් පපුවට ගසාගන්නා අය මීට පෙරාතුව ෆෙඩරල් ව්‍යවස්ථා හදපු උදවිය බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකරනු ලැබුවේ ශ‍්‍රී දළඳා මාළිගා පරිශ‍්‍රයේ ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණයේ පළමු අදියර දළඳා මාළිගාවට උරුමකොට පූජා කිරීමේ අවස්ථාවට අද දින (25) එක්වෙමිනි. 

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

සුනාමිය පැමිණිච්ච අවස්ථාවේ උතුරු හා නැගෙනහිර දෙපළාතේ මුහුදු තීරය එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට පවරා දීම සඳහා එවකට පැවතිච්ච ආණ්ඩුවෙන් කරපු වෙලාවේ, අද බොහෝ ජාති ප්‍රේමීන් යැයි කියන අය පසුපසට ගිහිල්ලා සැඟවිලා හිටපු වෙලාවේ ජීවිත පරිත්‍යාගයෙන් මේ මහමළුවේ උපවාසයක් කරලා මහානායක ස්වාමීන්වහන්සේලා හතර නමම කැඳවලා ඒ ව්‍යායාම ආපසු හැරවූයේ අපේ ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ. එසේ නොවෙන්න අපට පසුව ත‍්‍රස්තවාදයෙන් ඒ ප‍්‍රදේශ මුදාගන්න බැරිවෙන්න තිබුණා. 

අපි දැක්කා ත‍්‍රස්තවාදය පරාජය වීමෙන් පස්සෙ ඒ ප‍්‍රදේශවල කොයිතරම් නාවුක බලයක් ඒ අය ගොඩනගාගෙන තිබුණද කියලා. ඒ ප‍්‍රදේශ නිල වශයෙන්ම භාර දුන්නා නම් කොයිතරම් ව්‍යසනයක් මේ රටට වෙනවද කියන එක පැහැදිලියි. එය වැළැක්වූයේ අපේ ස්වාමීන් වහන්සේගේ අධිෂ්ඨානයෙන්. උන් වහන්සේට අපේ පිංපෙත් ලබාදෙනවා.


ඒ වගේම අද නව ව්‍යවස්ථාව ගැන හුඟ දෙනෙක් කතා කරනවා. නමුත් එවැනි ව්‍යවස්ථාවක කෙටුම්පතක්වත් තවම හදලා නැහැ. මහාසම්මුතියෙන් මිසක් එවැනි ව්‍යවස්ථාවක් ඉටු වෙන්නෙත් නැහැ. අද අපි අපේ මහානායක ස්වාමීන් වහන්සේලාටත් ප‍්‍රකාශ කළා, රාජ්‍යයේ ඒකීය භාවය වගේම, සම්බුද්ධ ශාසනය ලබාදීලා තිබෙන ප‍්‍රමුඛස්ථානය සහ සෙසු ආගම් ඇදහීමට තිබෙන ඒ අයිතිය ඇතුළු ආගමික නිදහස සහිත ස්ථාවර රටක් මිස අස්ථාවර රටක් දෙසට කිසි සේත්ම ව්‍යවස්ථා සංශෝධන සිදුවෙන්නේ නැහැ. 

1995 දී එහෙම දෙයක් තිබුණේ නැහැ. අද දේශමාමකයි කියාගෙන පපුවට අතගහගෙන ඉන්න අය සියළු දෙනාම එකතුවෙලා රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනාවා. ඒ ව්‍යවස්ථාවට එදා දායක උනා මහින්ද රාජපක්ෂ මහත්මයා, ජී.එල්.පීරිස් මහත්තයා, සරත් සිල්වා මහත්තයා. මේ ඔක්කොම ඒ ෆෙඩරල් ව්‍යවස්ථාව චන්ද්‍රිකා මැතිණියට හදල දීපූ අය. එදා ඒ ව්‍යවස්ථාව පරාජය කළේ අපේ හැඩිගල්ලේ විමලසාර හාමුදුරුවෝ කළ පරිත්‍යාගශීලි උපවාසය. ඒකට දස දහස් ගණන් ජනයා සහභාගී වුණා. මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළුව. අවසානයේ පාර්ලිමේන්තුවේ එකම නියෝජනයක්වත් නැතිව පරාජය කරන්න අපට හැකිවුණා. ඒ සැබෑ බලවේගයන් තාමත් ජීවමානයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8104009513960370778

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item