වංචාව නැති කරන්න ආපු ආණ්ඩුව අද හොරු රැළක් රකිනවා

වංචාව දූෂණය නැති කිරීමට පැමිණි අණ්ඩුව වර්තමානය වන විට වංචාව, දූෂණය සහ හොරු කල්ලි වට කරගත් ආණ්ඩුවක් බවට පත් වී ඇති බව දූෂණ විරෝධී පෙරමුණ ප...

වංචාව දූෂණය නැති කිරීමට පැමිණි අණ්ඩුව වර්තමානය වන විට වංචාව, දූෂණය සහ හොරු කල්ලි වට කරගත් ආණ්ඩුවක් බවට පත් වී ඇති බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් පෙන්වා දී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන්,

“වංචාව දූෂණය නැති කරන්නට ආපු අණ්ඩුව අද වෙනකොට වංචාව දූෂණය සහ හොර කල්ලි වටකරගත්ත ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා. අපිට ඉතාම පැහැදිලියි මේ රට මේ වෙකොට පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා සමානවම දූෂිතියන්ට අනුබල දෙන දූෂිතයින් ආරක්ෂා කරන ක්‍රියාවලියකට මේ රට තල්ලු කරගෙන යමින් තියෙනවා කියලා. එහි අංක එකේ උදාහරණය බවට පත් වෙලා තියෙන්නේ බැඳුම්කර පිළිබඳ කටයුත්ත. මේ බැදුම්කර සිදුවීම පිළිබඳව දූෂණ විරෝධි පෙරමුණ පෙරේදා පුවත්පත් නිවේදනයක් නිකුත්කරමින් අණාවරය කළා අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යංශයේ පාර්ශවය නියෝජනය කරමින් රැස්වීම් වල වාඩිවෙලා කටයුතු කරනවා කියලා., මහ බැංකුවට උපදෙස් දෙන තැනකට මේ පුද්ගලයා කටයුතු කරමින් තිබෙනවා කියලා. මේ කාරණය ජනමාධ්‍ය ඊයේ වාර්තා කළ ට පස්සේ ඊයේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශයක් නිකුත් කරනවා අර්ජුන් මහේන්‍ද්‍රන් මොනම ආකරයකට හෝ තනතුරක් දරන්නේ නෑ කියලා. ආචාර්ය සමරතුංග මහත්මයා ගැන ඔහුගේ මිත්‍රයෝ කයන විදිහට පළපුරුදු ගෞරවනීය කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් කියලා අපි හිතනවා. ඔහුගේ මිත්‍රයෝ කියන විදිහට ඔහු මහජන සුභසෙත උදෙසා කටයුතු කරන රාජ්‍ය නිලධාරියෙක් කියලා අපි විශ්වාස කරනවා. 

එහෙමනම් කිසිදු තනතුරක් නොදරන අර්ජුන් මහේන්ද්‍රන් කොහොම ද ලේකම්වරයා සහභාගිවන, මුදුල් අමාත්‍යවරයා කැඳවන , වත්මන් මහ බැංකු අධිපති වරයා , පාස්කරලිංගම් මහත්මයා, ඇතුළු කණ්ඩායම් සහභාගි වන රැස්වීම් වලට සහභාගි වෙන්නේ ?. මේකට උත්තරයක් දෙන එක සමරතුංග මහත්මයාගේ වගකීමක්. අපි ඉතාමත් අවධාරණයෙන් කියනවා අර්ජුන් මහේන්ද්‍රන් මහත්මය මේ තනතුරෙන් ඉවත් කළාට පස්සේ වත්මන් මහ බැංකු අධිපතිවරයා ඒ තනතුරට පත් කළා ට පස්සේ අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා දිගින් දිගටම මුදල් අමාත්‍යංශය යටතේ අමාත්‍යංශ ලේකම් වරයාගේ භාරකාරිත්වය තියෙන මුදල් අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇවිල්ලා අදාල ඇමතිවරයා සහභාගි වන, ලේකම් වරයා සහභාගි වන රැස්වීම් වල වාඩිවෙලා අද ඉන්න මහ බැංකු අධිපති කුමාරස්වාමි මහත්මාට උපදෙස් දෙන තැනකට ගියා. මේ ක්‍රියාවලිය පුවත්පත් නිවේදන නිකුත් කරලා හංගන්නට බෑ. මේ ක්‍රියාවලිය තව දුරටත් අද වෙනකොටත් මාධ්‍ය සෙල්ලම් වලින් යටපත් කරන්න බැරි තත්වයට ඇවිල්ලා තියෙන්නේ. අර්ජුන් මහේන්ද්‍රන් එන රැස්වීම් වල වාර්තා, ලේඛන ලිපිගොනු හංගලා තියන්න උත්සහ කළාට මේ සත්‍යය සියලු දෙනා 
දන්නා කාරණා.

ඊයේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා තනතුරින් ඉවත් කළාට පස්සේ අර්ජුන මහේන්ද්‍රන් මහත්මා කිසිදු තනතුරක් දැරුවේ නෑ කියලා කිව්වා. හැබැයි 2016 ජුලි 11 වනදා හවස 5ට ආර් පාස්කරලිංගම්, අමාත්‍යංශ ලේකම් ආචාරය සමරතුංග, සමඟ මොනිටර් බෝර්ඩ් එකට කලින් තමයි මේ රැස්වීම තියන්නේ. ලංකාවේ මුල්‍ය රැස්වීම් වල පළවෙනිම තැන මූල්‍ය මන්ඩලයට කලින් දවසේ තියෙන මේ රැස්වීමට අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහභාගි වෙනවා. ඒ සඳහා වන ලේඛන අපි සතුව තියෙනවා මෙතන 6 වෙනියට නම් සඳහන් වෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන් ගේ. මේ අර්ජුන් මහේන්ද්‍රන් මේ රැස්වීමේදී මොකක්ද කළේ? මේක රටට කිව යුතුව තිබෙනවා. අපි අපේ පුවත්පත් නිවේදනයේ පළකරා ඒ වගේම ජනාධිපතිවරයා වෙත යොමු කරපු ලිපියේ සඳහන් කළා අවසාන වශයෙන් 2017 ජනවාරි 6 පෙරවරු 11ට මුදල් අමාත්‍යංශයේ රැස්වීමක් තිබ්බයි කයලා. 

මේකට තමයි උත්තර දෙමින් කියන්නේ මේ විදිහට තනතුරක් දරන්නේ නෑ කියලා. ඔබතුමාලට මතක ඇති Economic Sub Comitee එකේ අර්ජුන මහේන්ද්‍රන් වාඩි වෙනවයි කියපු කාරණාව ඒකාබද්ධ විපක්ෂයත්, තවත් කණ්ඩායම් කිහිපයක් විසිනුත් මතුකරාම එදා ඉඳලා මේ රැස්වීම් වලට යනකොට අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඔහුගේ නම පැමිණිමේ ලේඛණයේ ඇතුළත් කරන්නේ නෑ. හැබැයි ඔහු අර රැස්වීමේ ඇමතිවරයාට තියෙන පුටුවට යාබද පුටුවේ වාඩිවෙනවා. මේක තමයි දිගින් දිගටම කරපු ව්‍යහාරය බවට පත්වුනේ. ඊට පස්සේ ඉතාම විහිලු සහගත තැනක් තියෙනවා 2016 නොවැම්බර් 1 වනදා තිබ්බා රැස්වීමක් මුදල් අමාත්‍යංශයේ. මේකේ මිනිට්ස් වල 13/1 යටතේ තියෙනවා එක එක රාජකාරි පැවරුවාම ඒවා ඉටුකළයුතු පුද්ගලයෝ සඳහන් කරලා. ඒ ලේඛනයේ පවා අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ සඳහන් වෙනවා. 2016 ජුලි 25 මුල්‍ය මන්ඩලය රැස්වෙන්න, ආපහු බැඳුම්කර ගණුදෙනුවකට යන්න, විදේශ විනිමය අනුපාතයන් තීරණය කරන්න, මයික්‍රො ඉකොනොමික්ස් පිළිබඳ තීරණ ගන්න දවස් කීපයක්ට කලීන් පැවැත්වු රැස්වීමක්. මේකේ මුලින්ම නම තියෙන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක ගේ, දෙවනියට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි ගේ ඊට පස්සේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම තියෙනවා. හැබැයි මේ මහබැංකුවේ අනිත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ නම් වලට කලින් අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම මේ සටහනේ සඳහන් කරලා තියෙනවා. මේ රටේ තවත් අර්ජුන් මහේන්ද්‍රන් කෙනෙක් ඉන්නවාද කියන එක 

අපිට අහන්න සිදු වෙනවා මේ තත්වය දිහා බැලුවම ඉතා පැහැදිලිව අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් කළේ ඔහුට එරෙහිව ඉදිරිපත් වෙලා තිබුණ චෝදනා නිසා. ශ්‍රී ලංකා මහ බැංකුව ඉතාදැවැන්ත අර්බුදයකට අර්ජුන් මහේන්ද්‍රන් විසින් ගෙනිහිල්ලා තියෙනවා විතරක් නෙවෙයි යහපාලන රජය මුළුමනින්ම අර්බුදයකට ගෙනියන්න මේ බැඳුම්කර වංචාවත් ඒකට කේන්ද්‍රගත වෙච්ච අර්ජුන මහේන්ද්‍රනුත් හේතු වෙලා තියෙනවා. අද වෙනකොට මේක තවදුරටත් වසාගන්නට බැරි තත්වයකට පත්වෙලා තියෙනවා. මේ අණාවරණයන් අද වෙනොට මේ ආණ්ඩවේ නිළධාරින් මේ බොරුව වසාගන්නට දරන උත්සාහයින් මොනවාද? ඊයේ රාත්‍රි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තාමේන්තුව මාද්‍ය නිවේදනයක් නිකුත් කරනවා හිල්මි මොහොමඩ් මහතාගේ අත්සනින්. ඒකේ කියනවා සිරස මාධ්‍ය ආයතනයට “පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කටයුතු කරනු ලැබේ “කියලා. වැරැද්දක් තියෙනවා නම් හදන්න, ගිහිල්ලා නැත්තම් නෑ කියන්න. මේ විදිහට තර්ජනය කරලා මේ වැඩේ කරන්න බෑ. මේ පුවත්පත් නිවේදනයට පාදක වෙන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ පෙරේදා. පෙරේදා උදේ වරුවේ. ජනාධිපතිවරයාට දූෂණ විරෝධි පෙරමුණ මේ ලිපිය යොමු කරන්නේ පෙරේදා.ඒකට උත්තර දෙන්න මොනම ආකාරයක හෝ හැකියාවක් නෑ. මේ සත්‍ය කරුණ වසන්නට මුකුත්ම හැකියාවක් නෑ. දැන් අන්තිමට කියනවා ජනමාධ්‍යයට පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කටයුතු කරනවා කියලා. මොකක්ද මේ කියන්නේ? මේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා අපි දන්නවා එක කාලෙක ලේක් හවුසියේ හිටපු පිලිප් කුරේ ඇතුළ පිරිසකට දඩුවම් පැමිණවුවා. මේ ක්‍රියාවලිය ආපහු ගේනවා කියලද මේ කියවෙන්නේ. මේ වැරැද්ද කරලා තියෙන්නේ මාධ්‍ය ආයතන ද ?

මේ බැදුම්කර වංචාවට අදාල සියලු කරුණු විගණකාධිපති වරයා විසින් සහ විවිධ පාර්ශව විසින් මේ වනවිට හෙළිදරව් කරලා තියෙනවා. මේ පට්ටපල් බොරුව වහන්න මාධ්‍යයට තර්ජනය කරලා. බොරු කරුණු කාරණා දක්වලා රැස්වීම් වලට එයා වෙන විදිහකට ගෙනිහින් තවමත් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා මේක කරන්න බෑ. අද විගණකාධිපතිවරයා ඉතාම දැඩි පීඩනයකට ලක්වෙලා තියෙනවා මේ ක්‍රියාවලීන් දෙකක් නිසා. පළවනි කාරණය තමයි බැඳුම්කරේ.මේ බැඳුම්කරේ ඉතිහාසය පුරාම හොයාගන්න මේ වනවිට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙක් කිව්වා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාළෙත් මේ පර්පචුවල් ටෙෂරීස් එකේ දූෂණ වංචා අක්‍රමිකතා තිබුණයි කියලා. මේ ආණ්ඩුව බලයට පත්කලේ මේ රටේ ජනතාව මේ දූෂණ හොයන්නට තමයි. මේ දූෂණ හොයන එක නවත්වලා, මේ දූෂණ කරන හැටි අධ්‍යයනය කරලා ඒ දුෂණ ඊට වඩා දහ දොළෙස් ගූණයකින් කරන තැනකට මේ බැදුම්කරය සහ ගල් අඟුරු කියන මේ රටේ දුෂිතම ගණුදෙනු දෙක මේ රජය අරගෙන ඇවිල්ලා තියෙනවා. තවදුරටත් මේක වසන්නට බැරි බව මේ කාරණය වසන්නට උත්සහ කරන පුද්ගලයින්ටත් මේකට තර්ජනය කරන පුද්ගලයින්ටත් අපි අවධාරණය කරනවා. 

අනෙත් කාරණය මේ ආණ්ඩුව වැටිලා තියෙන දෙවන නරා වල තමයි ගල් අඟුරු වංචාව. මේකේදි කෝටි 12ක් වැඩියෙන් ගල් අඟුරු ගේන්න හොරකම් කරන්න අත්සන යොදන්න බෑ කිව්ව මෛත්‍රී ගුණරත්ත සභාපති වරයා තනතුරින් ඉවත් කරනවා. ඔහු පත් කලේ කවුද ? ජනාධිපතිවරයා. මේක භාරව ඉන්න අමාත්‍යවරයා කවුද රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා. මේක භාරව ඉන්න නියෝජ්‍ය ඇමතිවරයා, රාජ්‍ය ඇමති වරයා අජිත්. පී . පෙරෙරා මහත්මයා.අපි දන්නවා මේ යහපාලන රජයේ සාමන්‍ය චර්යාව වෙලා තියෙන්නේ එජාපයේ සහ ශ්‍රී ලංනිපයේ ඇමතිවරයා සය නියෝජ්‍ය ඇමතිවරයා දැම්මට පස්සේ නයි මුගටි වගේ කෝලහල කරගන්නවා. එහෙම කෝලහල කරගන්නේ නැතුව රයිගමයයි ගම්පලයයි වගේ ඉන්න එක අමාත්‍යංශයයි තියෙන්නේ. ඒ තමයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය. මේ රයිගමයියි ගම්පලයයි වගේ මේ අමාත්‍යංශයේ ඇමතිවරු දෙන්නට ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ අර ගල් අඟුරු වල තියෙන ඇලෙන ස්වභාවය නිසා. මේ ඇලීම හදලා දෙන්නේ අමාත්‍යංශ ලේකම් අචාර්ය බටගොඩ. මේ බටගොඩ මහත්මයාගේ ක්‍රියාවලිය කරන්න ඔහු උකසට තියන්නේ මේ රටේ ජනතාවගේ මුදල් .ඔහු නොමග යවනවා කියන්නේ මේරටේ විගණකාධිපතිවරයා සහ ශ්‍රේෂඨාධිකරණය කියන්නේ මේ රටේ කැබිනට් මණ්ඩලය. ජනාධිපතිවරයා ඔහු විසින්ම පත්කරපු ටෙන්ඩර් ප්‍රසම්පාදන අභියාචනා කමිටුවේ තීරණය පැත්තකට දාලා කැබිනෙට්ටුව නොමඟ යවලා කියලා ශ්‍රේෂඨාධිකරණය කියන කොට මේ සියල්ලම කරපු පුද්ගලයා අර ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා අලවලා තියාගන්න ගල් අඟුරු පාවිච්චි කරනවා වගේ මේ රටේ ජනතාවගේ ධනය මංකොල්ල කන්න ඉඩදීලා බලාගෙන ඉන්නවා. මේ ක්‍රියාවලියද අපි අපේ රටට බලාපොරොත්තු වුන යහපාලනය?

අනික් අතට මේ සියල්ලම ඉතාම ලැජ්ජාසහගත විදිහට සිද්ධ වෙනකොට අනික් පැත්තෙන් අපිට ඉතාම සුන්දර චිත්‍රයක් මවමින් ඉන්නවා දේශපාලන ප්‍රතිසංස්කරණ හිංදා අද එනවා හෙට එනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එනවා මැතිවරණ සංශෝධනයක් එනවා කියලා චිත්‍රයක් පෙන්වලා මේ සියලුම හොරකම් ගැන කථා කරන්න එපා, හොරකම් ගැන කථාකරාම අපේ ආණ්ඩුවට රිදෙනවා කියනවා. හොරකම් නොකරන ආණ්ඩුවක් නම් හොරකං ගැන කථාකරනකොට රිදෙන්න විදිහක් නැහැනේ? අපරාධ ගැන මතක් කරාම රිදෙන්නේ කොහොමද? වැලිකඩ ගැන මතක් කරාම ඒ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට රිදෙන්න ඕන. හැබැයි මේ වෙනකොට ඒ රිදෙන පුද්ගලයෝ රැකගන්න කටයුතු කරමින් ඔවුන්ගේ ආරක්ෂකයො බවට පත්වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රී ලංනිපයෙත් ඉන්න දේශපාලඥයෝ කණ්ඩායම සහ නිලධාරි කණ්ඩායම. මෙනන මෙ අභියෝගය තේරුම් ගැනීම මේ රටේ සිවිල් සංවිධානවොල වගකීම වෙනවා.අද වෙනකොට මේ රටේ සිවිල් සංවිධාන වලට ඇතිවෙලා තියෙන ඛේදජනක තත්වය තමයි ගල් අඟුරු වංචාවේ ඒක අණාවරණය කරපු පුද්ගලයා ඉවත් කරන කොට ඒ වෙනුවෙන් කටක් ඇරලා කථාකරන්න බැරිවෙලා තියෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් ගිහිල්ලා මුදල් අමාත්‍යංශයේ රැස්වීම් වල වාඩිවෙලා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් දෙනකොට ඒක වැරදියි කියන්න අද ඉන්න සිවිල් සමාජ සාමාජිකයින්ට බැරි වෙලා තියෙනවා ඒ ගැන කථා කරන්න. මෙන්න මේ අර්බුදය ඉතාම පැහැදිලිව අපි ජයගත යුතුව තිබෙනවා නැත්තං මේ ආණ්ඩුවට සිද්ද වෙන්නේත් අර පහුගිය ආණ්ඩුව වැටිච්ච කුණු ගොඩටම වැටිලා ඉවර වෙලා යන්න “ ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3713293526976435306

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item