අතුරුදන්වී සිටි 19 හැවිරිදි තරුණියකගේ සිරුර හමුවෙයි

මෙසේ අබිරහස් ලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය රයිගම්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි කාව්‍යා සුභාෂිණි නමැති තරුණියකි. පසුගිය 02 වනදා ඇය සේවය කළ ...

අතුරුදන්වී සිටි 19 හැවිරිදි තරුණියකගේ සිරුර හමුවෙයි

මෙසේ අබිරහස් ලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය රයිගම්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි කාව්‍යා සුභාෂිණි නමැති තරුණියකි. පසුගිය 02 වනදා ඇය සේවය කළ ඉංගිරිය සුපිරි වෙළෙඳසැලෙන් සේවය නිමකර පස්වරු 5:30 ට පිටවී ගොස් ඇති අතර ඉන් පසු ඇය අතුරුදන්වී තිබුණි.

ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇය සම්බන්ධතා පැවැත්වූ හල්වතුර ප්‍රදේශයේ විදුහලක 30 හැවිරිදි ගුරුවරයකුගෙන් ද පොලීසිය ප්‍රශ්න කර තිබුණි. එහිදී ගුරුවරයා විසින් පවසා ඇත්තේ මියගිය තරුණිය 2 වනදා අවස්ථා 2කදී තමන්ට කතා කළ බවත් ඉන්පසු කිසිදු තොරතුරක් නොලැබුණු බවත් ය.

අතුරුදන්වූ තරුණියගේ සිරුර හමුවීමත් සමග සැකකාර ගුරුවරයා ද එදිනම හල්වතුර ප්‍රදේශයේ නිවසක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලීසිය සහ ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1359072943464939843

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item