මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන බව පැවසීය. මෙම වැඩසටහන ශ්‍රී ලංකා තැපැල් දෙපාර්...

මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන බව පැවසීය. මෙම වැඩසටහන ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අගයක් එකතු කිරීම, එහි අනන්‍යතාවය ජාත්‍යන්තරයට ගෙන යාම, අදායම් තත්වය ඉහළ නැංවීම සහ මෙරට හා ජාත්‍යන්තර මුද්දර ලෝලීන්ගේ අවදානය වැඩිවශයෙන් දිනාගැනීම යන අරමුණු සහිතව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මෙම අදහස් අමාත්‍යවරයා දැක්වූයේ ශ්‍රී ලංකා නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද තැපැල් සේවාවේ මුද්දර, මුල් දින කවර සහ තැපැල් සේවාවේ ඉතිහාසය නිරූපණය කරන තැපැල් මෙවලම් ඇතුළත් ප්‍රදර්ශනයක් නැරඹීමෙන් අනතුරුවයි. මෙම මුද්දර ප්‍රදර්ශනය කොළඹ 07, මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ තැපැල් සේවාවට වසර දෙසීයයකට අධික ඉතිහාසයක් පවතින අතර, වර්තමානය වන විට දිවයින පුරා තැපැල් කාර්යාල පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත. මෙමගින් මෙරට ජනතාවට විශිෂ්ට සේවාවක් සපයා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7081087684770753285

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item