ගරුත්වය දී ගරුත්වය ලබමු

ගරුත්වය දී ගරුත්වය ලැබිය යුතු බව ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය. ගැහැණිය ලෙස පිරිමියාටත්...

ගරුත්වය දී ගරුත්වය ලබමු

ගරුත්වය දී ගරුත්වය ලැබිය යුතු බව ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය. ගැහැණිය ලෙස පිරිමියාටත්, පිරිමියා ලෙස ගැහැණියටත් ගරු කරන සමාජයක් තුළ මේ උත්තුංග මානව දර්ශන වලට යා හැකි බව ඇය පැවසුවාය.

ලෝකය පුරා වැඩබිම් වල කාන්තාවන් ශ්‍රමයේ අයිතිය පිළිබඳව අරගල කරන ඉතිහාසයක් තිබෙන බවත්, කාන්තා දිනය දිනා ගන්නේ ඒ හරහා බවත් ඇය සඳහන් කළාය. ඉපයීමේ කාර්යයේදී විශාල දායකත්වය දෙන කාන්තාවන්, ප්‍රතිලාභ ලැබීමේදී අසමාන තත්ත්වයකට මුහුණ දෙන බව ඇය අවධාරණය කළාය.

මෙවර ඉදිරිපත් කර ඇති අයවැය කාන්තාවන් ගැන සංවේදී වන අයවැයක් බව ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය පැහැදිලි කළාය. කාන්තාවන්ගේ අයිතීන් හා සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා මෙම අයවැය ක්‍රමවේදයන් යොදා ඇති බව ඇය පෙන්වා දුන්නාය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5821349624328360445

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item