කූඨ ලේඛන සකස් කර භාවිත කෙරූ ජීප් රියක් දැරණියගලින් හමුවෙයි
පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී, අදාළ සැකකරුවන් විසින් ජීප් රථයට අදාළ කොටස් ගෙන්වා එකලස් කර, ව්‍යාජ චැසි අංක, ඇන්ජින් අංක ස...

https://www.sathhanda.com/2025/03/blog-post_85.html
පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී, අදාළ සැකකරුවන් විසින් ජීප් රථයට අදාළ කොටස් ගෙන්වා එකලස් කර, ව්‍යාජ චැසි අංක, ඇන්ජින් අංක සහ ව්‍යාජ අංක තහඩු යොදා ගනිමින් මෙම ජීප් රථය එකලස් කර ඇති බව තහවුරු වී ඇත. මෙම ජීප් රථය යම් අපරාධයක් සිදුකර ඇත්දැයි බැලීම සඳහා දැනට විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධව අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන පවත්වයි.
Related