සෞඛ්‍ය ’’ක්ලීන්’’ කරන්න මෙහෙයුම් කමිටුවක්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික මෙහෙයුම් කමිටුවක් පිහ...

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවා තිබේ. මෙම කමිටුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධිත ආයතන ප්‍රධානීන් 37 දෙනෙකු සාමාජිකත්වය දරති.
මෙම කමිටුව ත්‍රෛමාසිකව රැස්වී “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තීරණ ගැනීමට සහ අදහස් හා යෝජනා සාකච්ඡා කිරීමට නියමිතයි. කමිටුව විසින් සකස් කරනු ලබන කාර්තුමය ප්‍රගති වාර්තා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත ඉදිරිපත් කරනු ඇත.
මෙම කමිටුවේ ප්‍රධාන අරමුණු අතර, රෝග නිවාරණය, වැළැක්වීම, පාලනය සහ මූල්‍ය අංශය වැනි සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන අංශ ශක්තිමත් කිරීම, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉදිරියට ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මට්ටමින් ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම, එම ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීම සහ අධීක්ෂණය කිරීම ඇතුළත් වේ.
Related