දිවුලපිටියට මත්කුඩු බෙදූ තරුණියක් කොටුවෙයි

දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත, දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පරීක්ෂා කිරීම...

දිවුලපිටියට මත්කුඩු බෙදූ තරුණියක් කොටුවෙයි

දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත, දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පරීක්ෂා කිරීමේදී, ඇය සතුව හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිසිය විසින් ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ, කලක පටන් මෙම ජාවාරම සිදුකර ඇති බවත්, ප්‍රදේශ කිහිපයකට මත්කුඩු අලෙවි කර ඇති බවත් අනාවරණය වී ඇත.

පොලිසිය පවසන පරිදි, ඇය සතුව තිබී භාරයට ගත් හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට අධික ය.

ඇය මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, එළැඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට ද නියෝග කර ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2998059278743180687

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item