පොලිස් වැසිකිළියේ මත්කුඩු පානය කළ පීසි මාට්ටු
අනුරාධපුර මුලස්ථාන පොලිසියේ වැසිකිළියක් තුළ මත්කුඩු පානය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් වර්ගයේ මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොල...

අනුරාධපුර මුලස්ථාන පොලිසියේ වැසිකිළියක් තුළ මත්කුඩු පානය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් වර්ගයේ මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම සිද්ධියේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර මුලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ 39 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි.
මෙම පොලිස් කොස්තාපල්වරයා වැසිකිළියක් තුළ මත්කුඩු පානය කරමින් සිටින බවට මුලස්ථාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජයවීර මහතාට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරික්ෂාවේදී අයිස් වර්ගයේ මත්කුඩු සමග ඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා අද (09) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.
Related