ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

ඉන්දියාව සහ නවසීලන්තය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන බොහෝ තරගාවලින්හි අවසන් මහා තරගවලට ප්‍රතිවාදීන් ලෙස සුදුසුකම් ලබා ත...

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

ඉන්දියාව සහ නවසීලන්තය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන බොහෝ තරගාවලින්හි අවසන් මහා තරගවලට ප්‍රතිවාදීන් ලෙස සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි. 1998 වසරේ සිට ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සංවිධානය කෙරෙන අතර, මේ දක්වා අවස්ථා දෙකකදී එහි ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව තිබේ. නවසීලන්ත කණ්ඩායම ද එක් වරක් ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කර ඇත.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම අවස්ථා දෙකකදී සුදුසුකම් ලබා ඇති අතර, ඉන්දීය කණ්ඩායම අවස්ථා 4කදී සුදුසුකම් ලබා තිබේ. ඉන්දියාව සහ නවසීලන්තය 2000 වසරේදී ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයේදී එකිනෙකා මුණ ගැසී ඇති අතර, එම තරගය කඩුලු 4කින් ජය ගැනීමට නවසීලන්තය සමත්ව ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3009949265365946142

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item