සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන තවම තීරණයක් නෑ
ඔහු තවදුරටත් පැවසුවේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධව අලුතින් ජපන් රජය සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු බවයි. මෙම දුම්රිය ව්‍යාපෘතිය එවකට පැවැති යහපාලන ර...

ඔහු තවදුරටත් පැවසුවේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධව අලුතින් ජපන් රජය සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු බවයි. මෙම දුම්රිය ව්‍යාපෘතිය එවකට පැවැති යහපාලන රජය විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර, පසුව පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය විසින් එය අවලංගු කිරීමට තීරණය ගෙන තිබුණි.
ඩොලර් බිලියන 1.5ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිම කිරීමට සැලසුම් කළ කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී අහෝසි කෙරුණේ එය අගනුවර තදබදයට "ලාභදායී විසඳුමක්" නොවන බව සඳහන් කරමිනි.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියරට අමෙරිකානු ඩොලර් මිලියන 285ක ණය ගිවිසුමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා එම කාලයේදී අත්සන් තැබීය. මෙම ණය සියයට 0.1ක සහන පොලී අනුපාතයකට අවුරුදු 12ක සහන කාලයක් සමඟින් වසර 40කින් ආපසු ගෙවිය යුතු බවත් එහිදී එම ගිවිසුම්වල සඳහන් ව තිබුණි.
පසුව එම පාලනය කාලය බිඳ වැටීමෙන් අනතුරුව, නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි එම දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සඳහා සාකච්ඡා ඇරඹීමට රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.
Related