සන්ධානය 17; රජරටින් වැඩ අල්ලයි
ඉදිරි මැතිවරණය වෙනුවෙන් එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලිය ලබන 17 වැනිදා ඓතිහාසික අනුරාධපුරයෙන් ආරම්භ කෙරේ. මෙ...

https://www.sathhanda.com/2015/07/17.html
මෙම රැලිය එදින පස්‌වරු දෙකට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රීලනිප අනුරාධපුර දිස්‌ත්‍රික් නායක එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය. සන්ධානයට අයත් ශ්‍රීලනිපය ප්‍රමුඛ මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය ඇතුළු සන්ධානයට අයත් පක්‍ෂ නායකයන් මෙම රැස්‌වීමට සහභාගි වනු ඇත.
මෙම රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එක්‌වීමට නියමිතය.
Related