මිරිහානේදී සුදු වෑන් සිදුවීම ගොඩින් විසදෙන ලකුණු, ඉහලින් බලපෑම්

යුද හමුදා මේජර් ජෙනරාල්වරයකුගේ ආරක්‍ෂකයන් සමග මිරිහානේදී අත්අඩංගුවට ගත් ව්‍යාජ අංක යෙදූ වෑන් රථය එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත්ව තිබූ එකක්...

යුද හමුදා මේජර් ජෙනරාල්වරයකුගේ ආරක්‍ෂකයන් සමග මිරිහානේදී අත්අඩංගුවට ගත් ව්‍යාජ අංක යෙදූ වෑන් රථය එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත්ව තිබූ එකක්‌ බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.


එල්. ටී. ටී. ඊ. නායකයකු විසින් පරිහරණය කළ බව කියන මෙම වෑන් රථය යුද්ධය නිම වීමෙන් පසු යුද හමුදාව අතට පත් විය.

පසුව මෙම මේජර් ජෙනරාල්වරයා තම පරිහරණය සඳහා වෑන් රථය ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙම වෑන් රථය අත්අඩංගුවට පත්වන විට එහි තිබූ ගිනි අවිය මේජර් ජෙනරාල්වරයාට නිකුත් කළ රාජකාරී ගිනි අවිය බවද තහවුරු වී ඇත. මේජර් ජෙනරාල්වරයා මෙම අවිය නිවසේ අමතක වී සේවයට පැමිණ ඇති අතර ඔහු ආරක්‍ෂකයන් තිදෙනා ලවා එය ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කර ඇතැයි කියනු ලැබේ.

හමුදා සෙබළුන් තිදෙනා මිරිහාන පොලිසිය වෙත කොටු වී ඇත්තේ අවිය රැගෙන මේජර් ජෙනරාල්වරයා මුණ ගැසීමට යමින් සිටියදීය.

මේ අතර වෑන් රථයට සවිකර තිබූ අංක තහඩුව කැබ් රථයක අංක තහඩුවක්‌ බවද පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. එම කැබ්රථය කොටහේන ප්‍රදේශයේ වසා දැමූ පෞද්ගලික ආයතනයකට අයත්ව තිබූ එකක්‌ බව මේ වන විට හෙළිදරව් වී ඇත.

මෙම හමුදා සෙබළුන් තිදෙනාට සහ මේජර් ජෙනරාල්වරයාට එරෙහිව චෝදනා තුනක්‌ එල්ල වී ඇත.

ව්‍යාජ අංකයක්‌ යොදා ගෙන වෑන් රථය ධාවනයට යෙදවීම, තම රාජකාරී ගිනි අවිය, ආරක්‍ෂක හමුදා සෙබළුන් අතට පත් කිරීම, එල්. ටී. ටී. ඊ. වාහනයක්‌ පාවිච්චි කිරීම යන චෝදනා මොවුන් වෙත එල්ල වී ඇත.

මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළුන් තිදෙනාට එරෙහිව පෙර වැරදි කිසිවක්‌ නොමැති බවද පොලිසිය පවසයි.

මිරිහාන පොලිසියේ විශේෂ කණ්‌ඩායමක්‌ විසින් මෙම වෑන් රථය අත්අඩංගුවට ගන්නේ 21 වැනිදා රාත්‍රී කාලයේදීය.

එහිදී හමුදා සෙබළුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ ඔවුන් යුද හමුදා මේජර් ජෙනරාල්වරයකුගේ ආරක්‍ෂකයන් බවයි. ඔවුන් සතුව තිබී සොයාගත් මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියද මේජර් ජෙනරාල්වරයාගේ නිල ගිනි අවිය බව හෙළි විය.

පොලිසීය උසාවියට දැනුම් දී තිබෙන්නේ ඇපදීමට  බවය. පොලිසීයට එසේ පැවසීමට ඉහලින් බලපෑම් කල බවටද වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2155368725371552922

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item