තඹ කන්ටේනරය නිදහස් කරන්න සුජීව සේනසිංහ බලපෑම් කරලා. මුසම්මිල්ට එරෙහි අපහස නඩුව ඉල්ලා අස්කරගෙන

ජාතික නිදහස්‌ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මෙවර ජාතික ලැයිස්‌තු අපේක්‌ෂක මොහොමඩ් මුසම්මිල් මහතාගෙන් රුපියල් මිලියන 2000 ක අලාභ වන්දියක්‌ ඉල්ලා අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ පැවරූ නඩුව ගාස්‌තු රහිතව ඊයේ 24 වැනිදා ප්‍රතික්‍ෂේප කෙරිණි.

කොළඹ දිසා විනිසුරු විසින් එම තීරණය ගනු ලැබුවේ නඩුව තවදුරටත් ඉදිරියට ගෙන යැමට තම සේවාදායකයාගේ කැමැත්තක්‌ නැතැයි සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දීමෙන් අනතුරුවයි.

ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු මෙරටට ගෙනා රුපියල් කෝටි ගණනක්‌ වටිනා තඹ තොගයක්‌ රේගුවෙන් නිදහස්‌ කර ගැනීමට තමා උත්සාහ කරන බවට පත්‍රයක පළවූ ප්‍රවෘත්තියක්‌ අදාළ කරගෙන මුසම්මිල් මහතා දිගින් දිගටම තමාගේ කීර්ති නාමයට හානි වන අන්දමේ ප්‍රකාශ කරන බවට චෝදනා කරමින් සේනසිංහ මහතා මෙම නඩුව පවරා තිබුණි.

අප කල ව්මසුමකදී හෙලිවුයේ මෙම නඩුව ඉදිරියට ගෙන යාමෙන් සත්‍ය සිදුවීම එලිදරවු වීම වැලැක්වීම උදෙසා නඩුව ඉල්ලා අස්කර ගත බවය. තඹ කන්ටේනරයනිදහස් කිරීමට සිදුකල සුජීව සේනසිංහගේ බලපෑම මේ අවස්ථාවේ හෙළිවීම ඔහුගේ මෙන්ම එජාපයේ මැතිවරණයට ඍජුව බල පෑම් ඇති කිරීම මෙම ඉල්ලා අස්කරගනීම සිදුවී ඇතිබවය. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8286126394025041818

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item