හොරුන් හොරකන් කල හොරුන්ගේ මුදල් ජනතාවගේ බදු මුදලින් හොරුන් ගෙවයි - මැකෝ නිදි
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මුදල් නැවත ලබාදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ ප්‍රධානත්...

https://www.sathhanda.com/2015/07/blog-post_928.html
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මුදල් නැවත ලබාදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(24) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේ දී පැවැත් විය.
ගොල්ඩන් කී තැන්පත් කරුවන් 15 දෙනෙකුට මෙහි දී ජනාධිපතිතුමා අතින් සංකේතාත්මක ව චෙක්පත් සහ ලිපි ප්‍රදානය කෙරිණි. මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ මහබැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.
මෙහි ඇති විශේෂත්වය නම් ගෝල්ඩන් කී ආයතනයේ එවක හිටිය ඉහල නිලධාරින් (තේරෙන බාසාවෙන් "හොරු") විසින් වංචා කල එහි තැන්පත්කරුවන්ගේ(බොහොමයක් තැන්පත් කරුවන් ඔවුන්ගේ කළු සල්ලි මෙහි තැන්පත් කර තිබු බව ලලිත්කොතලාවල පවසා සිටියහ. මීට අමතරව උපුල් සාන්ත සන්නස්ගලද එයම තහවුරු කරන ලදී. එනම් තැන්පත් කරුවන්ගේනුත් බොහොමයක් "හොරුන්ය") මුදල් මහජනතාවගේ බදු මුදල් වලින් ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාවට හවුල් වූවන් (එනම් තේරෙන බාසාවෙන් "හොරු") විසින් ගෙවා දැමීමයි.
සැ .යු. මහබැංකු වංචාවට ජනාධිපති තුමා ඍජුව වගකිව යුතු යයි අප නොකියන්නෙමු. එහෙත් පසුගිය ද ඔහුගේ ප්‍රකාශයෙන්ම යම් තාක් දුරට හෝ ඔහුගේ වගකීමක් තිබු බව තහවුරු විනි. තවද මැතිවරණයක් පැවැත්වෙන මේ මොහොතේ මෙසේ සංකේතාත්මකව මෙම කරන්නේ මැතිවරණ අල්ල්ලසක් ලබාදීමයි. නැසූ කන් ඇතිව සිටින්නේ පසුගිය කල මහා හඬින් මොර දුන් මැකෝ ය.
Related