මැතිවරණයෙන් පසුව සන්ධානේ කට්ටියක් අපිට එකතුවෙනවා - රාජිත
සත්හඬ පුවත ( සන්ධාන මෛත්‍රී හිතවතුන්ට එජාප ආණ්ඩුවක් යටතේ ඇමති කම් ) සත්‍ය කරමින් රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටියේ මහ මැතිවරණයෙන් පසුව ජාති...

https://www.sathhanda.com/2015/07/blog-post_261.html
කැබිනට් තීන්දු දැනුම් දීම සඳහා ඊයේ (16) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එබැව පැවසු අමාත්‍යවරයා , "ඔව් අපි ජාතික ආණ්‌ඩුවක් හදනවා. එදාට අද ඔය මහින්ද මහත්තයා අගමැති කරන්න හදන අයත් අපිත් එක්‌ක එකතු වේවි'' යයි ද කියා සිටියේය.
මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරන බවට සන්ධානයේ අය වහසි බස් දෙඩෙව්වත් එය කළ නොහැකි බවත් අගමැති පත් කරන්නේ ජනාධිපති විසින් බවත් සේනාරත්න මහතා පැවසිය.
''අපි මේ පක්‍ෂය දාලා ගියේ නෑ. අපි එජාපයට ගියෙත් නෑ. අපි එක්‌සත් ජාතික පෙරමුණට සම්බන්ධ වූ අයයි. අපි වගේම අපිත් එක්‌ක ඉන්න දුමින්ද දිසානායක මහතා වැනි අයත් මීළඟ මැතිවරණයේදී ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණයෙන් පස්‌සේ අපි සියලු දෙනාම එකතු වෙනවා. එතකොට පෙනෙයි පාර්ලිමේන්තු බහුතරය කාටද තියෙන්නේ කියලා. එහෙම වුණාට පාර්ලිමේන්තුවේ අගමැති වෙන්නෙ අපිට ඕනෑ කෙනෙක් මිස එජනිස අයට ඕනෑ කෙනෙක් නොවන බව'' ද ඔහු පැවැසීය.
Related