අල්ලස් කොමිසම ඇතුලෙම දුෂණ අක්‍රමිකතා

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට උපදේශකවරයෙක්‌ ලෙස පත්කළ පුද්ගලයකුගේ බිරිඳට එරෙහිව එම කොමිසමේම කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ ලි...

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට උපදේශකවරයෙක්‌ ලෙස පත්කළ පුද්ගලයකුගේ බිරිඳට එරෙහිව එම කොමිසමේම කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ ලිපිගොනු පහක්‌ ඇතැයි එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට විමර්ශන සඳහා උපදෙස්‌ ලබාගැනීමට යෑයි පවසමින් බඳවාගත් උපදේශකවරයාගේ බිරිඳට එරෙහිව පවතින ලිපිගොනු පහද විමර්ශනය කළයුතු බව කොමිසමේ කොමසාරිස්‌වරුන් දැඩිව කියා සිටීම නිසා කොමිසම අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වයක්‌ නිර්මාණය වී ඇතැයි එම ආරංචි මාර්ග අවධාරණය කර සිටී. උපදේශකවරයා බඳවා ගැනීම කොමිසමේ උසස්‌ නිලධාරිනියකගේ අභිමතය පරිදි සිදුකර ඇති බවත් එය අභියෝගයට ලක්‌කරමින් කොමසාරිස්‌වරුන් සහ එම නිලධාරිනිය අතර මත ගැටුම් නිර්මාණය වීම නිසා කොමිසමේ වැඩකටයුතු අඩාල වී ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී. 

ඒ අතර පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුගේ තොරතුරු සෙවීම සඳහා කොමිසමේ උසස්‌ නිලධාරිනිය තවත් දෙදෙනකු සමග කොමිසමේ අවසරයකින් තොරව සිංගප්පූරුවට යැම සම්බන්ධයෙන් එම නිලධාරිනියගෙන් කොමිසම නිදහසට කරුණු විමසීමක්‌ කර ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටී. සිංගපුරුවට යෑම සහ එහි සිදුකල දෑ පිළිඹදව විදිමත් වාර්තාවක් සැපයීමටත් අපොහොසත් වී ඇති තවදුරටත් සඳහන් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1090116707153743377

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item