විශ්මිත ගුණැති කරපිංචා : ඉවතලන කරපිංචාවක තිබෙන…විශ්මිත ගුණ

බලණු ගුණ සුවඳ කැටිවුණ…ඉවතලන කරපිංචාවක තිබෙන…විශ්මිත ගුණ යක්කල කැලණිය විශ්වවිද්‍යාලයීය ගම්පහ වික‍්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ වෛද්‍ය ප...

3423බලණු ගුණ සුවඳ කැටිවුණ…ඉවතලන කරපිංචාවක තිබෙන…විශ්මිත ගුණ

යක්කල කැලණිය විශ්වවිද්‍යාලයීය ගම්පහ වික‍්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ
වෛද්‍ය පී ටී නිසංසලා පතිරණ

බත් පතෙහි රස-ගුණ වඩන කරපිංචා යනු මහඟු වූ හෙළ ඔසුවකි. කරපිංචා කොළයක් පවා ඉවත දැමීම අනුවණ ක‍්‍රියාවකි.

ආහාර වේල රසවත් කර ගැනුමට කරපිංචා කොළ දෙක තුනක් එකතු කිරීමට ගෘහණියන් අමතක නොකරති. ආහාර පිළියෙල කිරීමේදී කරපිංචා එක් කිරීමෙන් එහි රසය, සුවඳ මෙන් ම ආහාර රුචිය වැඞීම පමණක් නොව ශරීර සෞඛ්‍යය රැුක ගැනීම සඳහා ඉවහල් වන වටිනා ඖෂධීය ගුණ ද ලැබෙන බව ඔබ දන්නවා ද?

අමු කොළ මෙන් ම වියළි කොළ වල ද සුවඳත් ගුණයත් එක සේ…
Murraya koennigii නම් වූ උද්භිද විද්‍යාත්මක නම් දරන Rutaceae කුලයට අයත් කරපිංචා ශාකය නිවෙස් අසළ කුඩා ගසක් ලෙස වගා කෙරේ. එමෙන් ම අළු පැහැති කඳකින් සමන්විත වන අතර අතු බෙදී පවතී. පත‍්‍ර කොළ පැහැතිය. අමු කොළ මෙන් ම වියළි කොළ වල ද සුවඳත් ගුණයත් එකසේ පවතී.
ඒ අනුව කරපිංචා විවිධ වූ රෝග අවස්ථා බොහොමයක් සඳහා ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
හෘදය හා රුධිර නාල සම්බන්ධ රෝග
අක්මාගත රෝග
ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ රෝග
විෂ ශරීරගත වූ අවස්ථා වලදී
මධුමේහ රෝග අවස්ථාවේදී
අකලට හිසකෙස් පැසීම

රුධිර නාලයන් හි අභ්‍යන්තර බිත්ති වල තැන්පත් වන මේදය දිය කර හරියි
මෙහි දී කරපිංචා විවිධ අයුරින් ආහාරයට එක් කර ගත හැකිය. උදෑසන ආහාරය සඳහා කරපිංචා කොළ කැඳ ඉතා අගනේය. එමගින් ආහාර ජීර්ණය පහසු කරයි. රුධිරගත මේද අධිකතාවය(Hyperlipidaemia) අවම කරයි. මෙහිදී කරපිංචා, සුදුළුෑනු, ගම්මිරිස් එක්ව ගෙන අයිස් වතුර දමා අඹරා සාදා ගනු ලබන පල්පය ආහාර වේල් සමඟ ගැනීම මේ සඳහා කදිම පිළියමකි. කරපිංචා මගින් ආහාර ජීර්ණයෙන් පසු මේද අම්ල ශරීරයට උරා ගැනීම අවම කරයි. එමෙන් ම කාර්යක්‍ෂම ලෙස ස්‍රෝතස් ශෝධනයක් සිදු කරන බැවින් රුධිර නාලයන් හි අභ්‍යන්තර බිත්ති වල තැන්පත් වන මේදය දිය කර හැරීම සිදු කරයි. එමගින් රුධිර නාල පද්ධතිය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන අතර හෘදය වෙත රුධිරය සපයන කිරීටක ධමනි වල පවා බැඳී ඇති මේදය දිය කර හැරීම මගින් හෘද් රෝග සෑදීම වළකාලයි. අති ස්ථුලතාව වළකයි. උදරාබාධ සුව කරයි. සෙංගමාල රෝගීන්ට ද උදෑසන කරපිංචා කැඳ පානය ඉතා යෝග්‍යය.

අක්මා පටක යථා තත්ත්වයට පත් වේ
අක්මා ගත පිළිකා, සෙංගමාලය, අභිඝාත ආදී අක්මාගත රෝග සඳහා ද කරපිංචා යනු ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධයකි. අක්මාවේ මේදය තැන්පත් වීම නිසා එහි පටල ඉදිමීම(Fatty liver) සිදුවන අවස්ථාවේ දී කරපිංචා කොළ සිහින්ව අඹරා දිනපතා ආහාරයට ගැනීමෙන් අක්මා පටක යථා තත්ත්වයට පත් වීම සිදුවේ.

අධිරුධිර පීඩනය (High Blood Pressure) අවස්ථාවේදී කරපිංචා දළු සම්බෝලය මහඟු ඔසුවකි. කරපිංචා කොළ යුෂ, දෙහි යුෂ හා සීනි සමඟ මිශ‍්‍ර කර පානය සඳහා ලබා දීම ගර්භණී වමන, ඔක්කාර වළක්වා ගැනීම සඳහා වූ සුවිශේෂී ඖෂධයකි.

මෘදු විරේචන ගුණය නිසා මළබද්ධයට අත්දුටුවයි
අජීර්ණ, අරුචි, අග්නිමාන්ද්‍යය, උදර ශූල අවස්ථා වලදී කරපිංචා කොළ වියළා කුඩුකර තම්බා ගත් වතුර බීමට දීම ඉතා ගුණදායකය. ආයුර්වේද මතානුකූල ව කරපිංචා ශාකය සතු දීපන පාචන ගුණය නිසා ආහාර ජීර්ණය නිසි ලෙස සිදුකරන අතර අන්ත‍්‍ර මාර්ගයේ වෙසෙන ජීවාණු නසාලීම ද සිදු කරයි. එමෙන්ම කරපිංචා සතු මෘදු විරේචන ගුණය නිසා මළබද්ධතා දුරු කරලයි. තව ද පාචනය, අතීසාරය වැනි රෝග අවස්ථාවන්හි දී කරපිංචා දළු, මී පැණි සමඟ මිශ‍්‍ර කර දීම ඉතා අගනා අත් බෙහෙතකි.

සර්ප විෂ ශරීර ගත වූ අවස්ථා වලදී කරපිංචා කොළ කැඳ
කරපිංචා සතු විෂ නාශක ගුණය නිසා සර්ප විෂ ශරීර ගත වූ අවස්ථා වලදී කරපිංචා කොළ කැඳ පිස දීම අතීතයේ සිට ම පැවතෙන්නකි. සර්ප විෂ සඳහා කරපිංචා කොළ යුෂ, හීනටි හාල් සමඟ කැඳ පිස ගිතෙල් ස්වල්පයක් දමා පානය සඳහා ලබා දීම මේ සඳහා කදිම නිදසුනකි. අක්මාව සතු විෂ නාශන ක‍්‍රියාව ද මෙමගින් ඉහළ නංවයි. එමෙන්ම මඤ්ඤොක්කා ව්‍යංජනයක් ලෙස පිළියෙළ කිරීමේ දී තම්බා වතුර ඉවත් කිරීමක් අවශ්‍ය නොවනුයේ ඒ සඳහා යොදන මිරිස්, තුනපහ හා එක් ව යොදන කරපිංචා, කහ ආදීය මගින් විෂ ගතිය සම්පූර්ණයෙන් ම අහෝසි වී යන නිසාය. විෂ සහිත කෘමි දෂ්ටයන්හි දී කරපිංචා ගෙඩි යුෂ දෙහි යුෂ හා මිශ‍්‍ර කර දෂ්ට ස්ථානයේ ආලේපයෙන් ඉදිමුම, කැසීම ආදී ලක්‍ෂණ මග හරවා ගත හැකිය.

මධුමේහ රෝගීන් සඳහා කරපිංචා
මධුමේහ රෝගීන් සඳහා කරපිංචා අඹරා ආහාරයට ගැනීම රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම සඳහා කදිම ඔසුවකි. එමෙන් ම ප‍්‍රවේණිගත මධුමේහය සඳහා දිනපතා උදෑසන කරපිංචා කොළ 10 ක ප‍්‍රමාණය මාස තුනක් ආහාරයට එක් කර ගැනීමෙන් වළක්වා ගත හැකිය.

හිස කෙස් උත්තේජනය කරයි
දිනපතා කරපිංචා කොළ වැඩි ප‍්‍රමාණයක් ආහාරය වෙත එක් කර ගැනීමෙන් අකලට හිස කෙස් පැසීම වළක්වා ගත හැක. එමෙන් ම කරපිංචා කොළ සමඟ කකාරවන ලද පොල්තෙල් හිස කෙස් මූලයන් පෝෂණය කර හිස කෙස් වර්ධනය උත්තේජනය කරයි.

යමෙක් දිනපතා කරපිංචා ඉති දෙකක ප‍්‍රමාණය ආහාරයට ගතහොත් එය නිරෝගී දිවියකට මං පෙත වනු නොඅනුමානය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

සුව අසපුව 3638940457509548564

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item