මෛත්‍රී ගේ පොත නවත්තන්න මැකෝ ගාමිණි ෆොන්සේකා ට අණ කරයි - මැකොට තුති
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතමින් පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක කරුණු ඇතුළත් විශේෂ ප්‍රකාශය පසුගිය බදාදා (22දා) දිනයේදී පො...

https://www.sathhanda.com/2015/07/blog-post_538.html
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතමින් පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක කරුණු ඇතුළත් විශේෂ ප්‍රකාශය පසුගිය බදාදා (22දා) දිනයේදී පොතක් ලෙස රජයේ මුද්‍රණාලයේදී මුද්‍රණය වෙමින් පැවැතියදී රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණී ෆොන්සේකා මහතාට කතාකර ඇති මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා එම මුද්‍රණ කටයුතු සියල්ල වහාම අත්හිටුවන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
ආණ්ඩුවේ ඉහළ පෙළේ සාමාජිකයන් පිරිසක් එම ප්‍රකාශය මුද්‍රණය කර රට පුරා බෙදාහැරීම වෙනුවෙන් මුද්‍රණය කළ යුතු පොත් සංඛ්‍යාවද රජයේ මුද්‍රණාලයාධිපතිවරයාට ඉකුත් 22 වැනිදා දැනුම් දී ඇති බවත් ඒ අනුව මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇති බවත් අනාවරණය වෙයි.
කෙසේ වෙතත් කිසියම් පාර්ශ්වයක් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී ඇති අතර එම පොත රට පුරා බෙදාහැරීමෙන් එක් පාර්ශ්වයකට අගතියක් සිදුවන බවද ඔවුන් පෙන්වා දී ඇත.
ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා එදින (22දා) රාත්‍රියේදීම රජයේ මුද්‍රණාලයාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ එම මුද්‍රණ කටයුතු වහාම නතර කරන ලෙසයි.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය විටින් විට විද්‍යුත් මාධ්‍ය හරහා විකාශය කිරීමෙන් එක් පාර්ශ්වයකට අගතියක් සිදුවන බැවින් එය විටින් විට විකාශය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස මීට පෙරද එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන්ද ඉල්ලීමක් කර තිබිණි.
Related