ගම්මන්පිල නිසා කොළඹ විශ්ව විද්‍යාල සංවාදයට චම්පික පොලු තියයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරඹින් කොළඹ විශ්වවිද්‍යාලයේ ඇදුරන් පිරිසක් විසින් පසුගියදා සූදානම් කර තිබූ සංවාදයකට එජාපය වෙනුවෙන් චම්ප...
https://www.sathhanda.com/2015/07/blog-post_543.html
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරඹින් කොළඹ විශ්වවිද්‍යාලයේ ඇදුරන් පිරිසක් විසින් පසුගියදා සූදානම් කර තිබූ සංවාදයකට එජාපය වෙනුවෙන් චම්පික රණවක සහ හර්ෂ ද සිල්වා සහභාගී වීමට බාර ගෙන තිබුනද සන්ධානයේ උයද ගස්සන්පිල එන බව දැනගෙන ඔහු ඊටෙ සහභාගී නොවී තිබේ.
ගම්මන්ලිපිල මහතාට එදින විශේෂ රැස්වීමක් තිබුණද චම්පික එන බව ආරංචි වූ නිසා ඊට එකගතාව පල කර ඇත.
‘මම එදාට කැස්බෑවේ රැස්වීම් දාගෙනයි ඉන්නේ. ඒත් චම්පික සමග සංවාදයක යෙදෙන්න නම් හරි ආසයි. මොකද එතුමා එජාපය ගැන කියපු දේවල් අද එහෙම නොවන්නේ කොහොමද කියලා මට එතකොට දැනගන්න පුළුවන්. එක කොන්දේසියක් තිබෙනවා. සන්ධානයේ අනෙක් නියෝජිතයා නාලක ගොඩහේවා වෙන්න ඕනෑ. මේ දවස්වල මට තොරතුරු රැස් කරන්න වෙලාවක් නැති නිසා නාලක ඒක කරාවි’ යැයි කියා සිටියේය.
මොරටු සරසවියේ චම්පිකගේ සමකාලීනයෙකු මෙන්ම දේශපාලන සගයකු ද වන නාලකද ඒ ඇරයුම භාර ගත්තේ චම්පිකගෙන් පැහැදිලි කර ගත යුතු බොහෝ දේ ඇති බව පිරිසට පවසමිනි.
කෙසේ වෙතත් පසුගිය 23දා හරියටම වෙලාවට උයද එතැනට ගියත් චම්පික එතැන නොවිණි. ඒ අනුව විනාඩි 15ක් බලා හිද සංවාදය ඇරඹිණි. ඒ අතර සංවාදයට ඇරයුම් නොකළ සුජීව සේනසිංහ හදිසියේම එතැනට පැමිණියේය. ඔහු පැවසුවේ තමන් පැමිණියේ චමිපික වෙනුවෙන් බවත් හදිසි කටයුත්තක් හේතුවෙන් චම්පිකට පැමිණීමට නොහැකි බව කීය.


Related