ගලේවෙල අයි. එස්. ත්‍රස්‌තයාගේ පවුලම ශ්‍රී ලංකාව හැරගිහින්

https://www.sathhanda.com/2015/07/blog-post_615.html
අයි. එස්. අයි. එස්. ත්‍රස්‌ත සංවිධානයට බැඳී සිටියදී ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්වූ බව කියන ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයාගේ පවුලේ සාමාජිකයන් රට හැර ගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.
මෙම ත්‍රස්‌තවාදියාගේ පවුලේ සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්‌පතිවරයාට නියෝග කර තිබිණි.
ඒ අනුව විශේෂ පොලිස් කණ්‌ඩායමක් මෙම ත්‍රස්‌තවාදියා පදිංචිව සිටි බව කියන ගලගෙදර ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඔහුගේ පවුලේ සාමාජිකයන් පිළිබඳව සොයා බලා තිබේ.
ත්‍රස්‌තවාදියාගේ බිරිඳ සහ ඥතීන් පිරිසක් ගලගෙදර ප්‍රදේශයේ සිට ඇති බවත් ඔවුන් මීට වසර කීපයකට උඩදී එම ප්‍රදේශය අතහැර පාකිස්‌තානයට ගොස් ඇති බවත් හෙළි වී ඇත.
අබු සුරෙයි සෙයිලන් නමැති 37 හැවිරිදි මෙම ත්‍රස්‌තවාදියා කලක් ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයකු ලෙස සේවය කර ඇති බවද පොලිසිය හෙළිකරගෙන තිබේ.
මෙම ත්‍රස්‌තවාදියා ඇසුරු කළ පුද්ගලයන් සහ මිතුරන් පිරිසක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
මෙම ත්‍රස්‌තවාදියා මීට කලකට උඩදී ජාත්‍යන්තර පාසලෙන් නිවාඩු ලබා පාකිස්‌තානයට ගොස් ඇති බවත් ඉන්පසුව නැවත ශ්‍රී ලංකාවට නොපැමිණි බවත් ඔහුගේ මිතුරන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.
ත්‍රස්‌තවාදියා ශ්‍රී ලංකාවේදී කළ ක්‍රියාකාරකම් සහ ඔහුගේ පවුලේ ඥතීන් කිසිවකුත් මෙහි සිටින්නේ දැයි යන්න පිළිබඳව සොයා බලාගෙන යන බවත් පොලිසිය පවසයි.
Related