KP ඒ කවුද? - සුජීවට මාස 6කට පසු KP මතක් වෙයි

එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබලයකු වූ කේ.පී. සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ ඉකුත් ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් ගණනාව...

එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබලයකු වූ කේ.පී. සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ ඉකුත් ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් ගණනාවක් විවිධ අදහස් පළ කළද ජනපතිවරණයෙන් පසුව කිසිවකු හෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා තබා කට හොල්ලන්නේ නැත්තේ මන්දැයි මාධ්‍යවේදීහු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගෙන් විමසීමක් කළහ.

මහනුවරදී මල්වතු මහනාහිමි බැහැදැකීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් පළ කළ අවස්ථාවේ මාධ්‍යවේදීන් ඒ මහතා වෙත ඉහත පැනය යොමු කෙළේය. මේ පැනය යොමු වූ අවස්ථාවේදීම තම ජංගම දුරකතනයෙන් නීතිපතිවරයා හා සම්බන්ධ වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කේ.පී.ට සිදු වූයේ කුමක්දැයි නීතිපතිවරයාගෙන් විමසීමක් සිදු කළ අතර නීතිපතිවරයා සඳහන් කෙළේ කේ.පී. සම්බන්ධයෙන් සිදුකළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳව නිර්දේශ කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කොට ඇතත් එම නිර්දේශ මෙතෙක් තමා වෙත යොමු කොට නොමැති බවය. කේ.පී. මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින්නේද නැතිනම් විදේශ ගතවී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා ගත් දැඩි උත්සාහයද සාර්ථක වූයේ නැත. කේ.පී.ට සිදු වූයේ කුමක්දැයි යන්න පිළිබඳ කඩිනමින් සොයා බලා මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීමට පියවර ගන්නා බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කෙළේය.

පසුගිය ජනාධිපතිවරණයට පෙර රාජපක්ෂ පාලනයට, KP සම්බදයෙන් දැඩි ලෙස අවලාද කල සුජීව සේනසිංහ ඇතුළු යහපාලන පිරිස් බලයට පැමිණි විගස KP නම් පුද්ගලයෙක් ගැන නොදන්නා ආකාරය හැසිරීම හාස්‍යට කරුණක් මෙන්ම එම හිස් කතා දොහොත් මුදුනින් ගෙන තම FB පිටුවල උදේ හවස ජප කරමින් හිටි හුදී  ජනයාගෙන් සුලුත්රයකටත් ඒ සියලු දේවල් අමතක වී තවමත් සුජීවලගේ අවලාද වලට තමන්ගේ FB පිටු බදු දී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6454365962147754100

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item