ක්‍රිකට් ගැටුම නිසා ඛෙත්තාරාමයට දැල් එළයි (PHOTOS)

කොළඹ ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ සී සහ ඩී පේ‍්‍රක්‍ෂකාගාර ආවරණය වන පරිදි විශාල ප‍්‍රමාණයේ දැලක් සවි කිරීමට ශ්‍රී  ලංකා ක්‍රිකට් ...

කොළඹ ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ සී සහ ඩී පේ‍්‍රක්‍ෂකාගාර ආවරණය වන පරිදි විශාල ප‍්‍රමාණයේ දැලක් සවි කිරීමට ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එහි කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබෙන බවයි නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු කසුන් කැළුම් කුමාර අද (21) උදෑසන කළ ක්ෂේත‍්‍ර චාරිකාවක දී නිරික්‍ෂණය කළේ. 

ආර්. පේ‍්‍රමදාස ක්‍රිඩාංගණයේ මාලිඟාවත්ත අන්තයේ සී සහ ඞී පේ‍්‍රක්‍ෂකාගාර පිහිටා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පෙරේදා පැවති තරගය අතරවාරයේ දී ක්‍රිඩාංගණයට ගල් කැබලි සහ බෝතල් විසිවුයේ ද මෙම පේ‍්‍රක්‍ෂකාගාරවල සිටයි. එවැනි ද්‍රව්‍ය ක්‍රිඩාංගණයට වැටීම වැළැක්වීම, දැලක් සවි කිරීමේ අපේක්‍ෂාව වී තිබෙනවා. 

මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පෙරේදා පැවති තරගය අතරවාරයේ ඇතිවු ගැටුම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 04 දෙනෙකු රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින බවයි පොලිසිය පැවසුවේ. මෙම ගැටුමේ දී ආර්. පේ‍්‍රමදාස ක්‍රිඩාංගණයේ සී.සී.ටී.වී කැමරාවලට ද රථගාලේ නවතා තිබු වාහන 17 කට ද අලාභ සිදුව තිබෙනවා. 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4912057350628037617

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item