54ක් සමග ඉන්දුනීසියානු ගුවන් යානයක් අතුරුදන්
පැපුවා නිව්ගිනියා කලාපයේදී ඉන්දුනීසියාවට අයත් ගුවන් යානයක් පුද්ගලයන් 54 දෙනෙකු සමග අතුරුදන් වී තිබේ. Trigana Air ගුවන් සේවයට අයත් A...

https://www.sathhanda.com/2015/08/Indonesian-plane-with-54-people-on-board-missing.html
පැපුවා නිව්ගිනියා කලාපයේදී ඉන්දුනීසියාවට අයත් ගුවන් යානයක් පුද්ගලයන් 54 දෙනෙකු සමග අතුරුදන් වී තිබේ.
Trigana Air ගුවන් සේවයට අයත් ATR 42 යානය එරට වේලාවෙන් සවස 3.00 ට පමණ අතුරුදන් වී ඇත්තේ ජයාපුරා හි සෙන්ටානි ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වීමෙන් අනතුරුවය.
මෙම ගුවන් යානයේ වැඩිහිටි මගීන් 44ක්, දරුවන් හා ළදරුවන් 5ක් සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු ගමන් කර ඇත.
ඉන්දුනීසියානු ප්‍රවාහන අමාත්‍ය ජේ.ඒ. බාරටා ගුවන් යානයේ අතුරදන් වීම තහවුරු කර ඇත. එරට රජය සොයා ගැනීමේ මෙහෙයුම් ආරම්ඹ කර ඇත.
Related