අපිට ජ.වී.පෙ. සහ දෙමළ සන්ධානය ඉන්නවා. තනියෙන් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් - කබීර් හෂීම්

සන්ධානය ජාතික ආණ්ඩුවකට සහාය නොදේනම් එක්සත් ජාතික පක්ෂය තනිව ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම් බව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා අද (25) අගමැති රන...

සන්ධානය ජාතික ආණ්ඩුවකට සහාය නොදේනම් එක්සත් ජාතික පක්ෂය තනිව ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම් බව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා අද (25) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග කොළඹ මුස්ලිම් මහ පල්ලියට ගොස් ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු ප්‍රකාශ කළේය.

තමන්ට ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය ආදී පක්ෂ අවශ්‍ය විට සහාය ලබාදෙනු ඇති බවත් විපක්ෂය කොයි තරම් නම්‍යශීලී වෙයිද යන්න බලා සිටින බවත් ඒ මහතා පැවසීය.

ඔවුන්ගේ විරෝධතාවයක් ඇත්නම් එක්සත් ජාතික පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටවිය හැකි බවත් කබීර් හෂීම් මහතා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

කබීර් හෂීම් ඕනේ කමින්ම ජාතික ආණ්ඩුව යන්නට වැරදි අර්ථ කතනයක් දෙන ගමන්(පක්ෂ දෙකක් එකතු වී පිහිටුවා ගන්නා ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් නොවන්නේය. එය සභාග ආණ්ඩුවකි. නැති නම් හවුල් ආණ්ඩුවකි) ජවිපෙ හෝ දෙමල සන්ධානය එක්ව ආණ්ඩුවක් පිහිටුවීම තනිව ආණ්ඩුවක් පිහිටුවීමක් නොවන බව තෙරුන් නොගනී.  




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2147688189265828061

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item