ජාතික ආණ්ඩුව ගැන ශ්‍රීලනිපයේ දිගින් දිගට සාකච්චා

ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කමිටු දෙකක් පත් කර ඇති අතර කමිටු දෙකේම සාමාජිකයන් ඊයේ ජනාධිපති කා...

ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කමිටු දෙකක් පත් කර ඇති අතර කමිටු දෙකේම සාමාජිකයන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා. එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වී තිබෙනවා.

ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීම සඳහා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් අට දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ රාජකාරිය වෙනවා. එමෙන්ම, නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදීද ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් සයපුද්ගල කමිටුවේ රාජකාර්ය වෙනවා. ඊයේ පස්වරු 2ට පළමුව රැස්වූ මෙම කණ්ඩායම් යළි රාත්‍රීයේ රැස්වී සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බවයි නිදහස් පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

එහෙත් ශ්‍රීලනිපය තුල ජාතික ආණ්ඩුව නිස මතුවී ඇති තත්වයට ජාතික ආණ්ඩුවත් සමග විසදුම් සෙවීම ඉතා අපහසු කාර්යක් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2856737397737767246

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item