එජාපයට ඇමැති ධුර 19ක් ශ්‍රීලනිපයට 16ක් ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීම කල් යයි - ශ්‍රීලනිප පිරිසක් විපක්‍ෂයට යනවාට එජාපයේ විරෝධය
ප්‍රධාන පක්‍ෂ දෙක එක්‌වී ජාතික ආණ්‌ඩුවක් සෑදීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ ද ඒ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ අවසන් එකඟතාවක් ...

https://www.sathhanda.com/2015/08/sri-lanka-new-cabinet-unp-slfp.html
ජාතික ආණ්‌ඩුවක් සෑදීමට කැබිනට් ඇමැති ධුර 16 ක් ශ්‍රීලනිපයට ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය පූර්ණ එකඟත්වය පළ කර ඇතත් ශ්‍රීලනිපයේ මුළු මන්ත්‍රී කණ්‌ඩායම ආණ්‌ඩුව සඳහා එක් නොවුණහොත් එය ජාතික ආණ්‌ඩුවක් නොවන බැවින් මේ සම්බන්ධව අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.
ශ්‍රීලනිපයේ කොටසක් විපක්‍ෂයේ අසුන් ගැනීමට කැමැත්ත පළ කර ඇතත් මෙයට එක්‌සත් ජාතික පක්‍ෂය විරෝධය පළකර ඇත්තේ එහිදී ජාතික ආණ්‌ඩුවක් බිහි නොවන නිසාය.
මේ අර්බුද නිසා නව අමාත්‍ය මණ්‌ඩලය නම් කිරීම ගැටලුකාරී වී ඇත.
එක්‌සත් ජාතික පක්‍ෂයට කැබිනට් ඇමැති ධුර 19 ක් හා ශ්‍රීලනිපයට 16 ක් ලබාදීමට තීරණය වී ඇත. මීට අමතරව රාජ්‍ය ඇමැති ධුර හා නියෝජ්‍ය ඇමැති ධුර ද ලබාදීමට නියමිතය.
Related