හිරුණිකාගෙන් ප්‍රතිචාරයක් නෑ - ගම්මන්පිල නඩුවට ලෑස්‌තියි!
තමන්ට කළ අපහාසය වෙනුවෙන් මිලියන පන්සියයක් ඉල්ලා යෑවූ එන්තර වාසියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ඇයට එරෙහි...

https://www.sathhanda.com/2015/08/udaya-gammanpila-hirunika-premachandra.html
ප්‍රේමචන්ද්‍ර මහත්මියට යෑවූ එන්තරවාසිය සම්බන්ධයෙන් මේ වන විට ඇති තත්ත්වය පිළිබඳව කරුණු දක්‌වමින් ඔහු මේ බව කීවේය.
දේශපාලනයේ ප්‍රමුඛතා අනුව මේ වන විට ඇත්තේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ අවධානය බව පැවසූ ගම්මන්පිල මහතා එන්තරවාසියක් යවා ප්‍රතිචාර නැතොත් නඩු පැවරිය යුත්තේ වසර දෙකක් ඇතුළත දී නමුත් එතරම් කල් නොයවා ඉතාමත්ම ඉක්‌මනින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නඩු පවරන බව සඳහන් කළේය.
රූපවාහිනි වැඩසටහනකදී අසත්‍ය කරුණු ඉදිරිපත් කර තමාට අපහාස කළ බව සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් මිලියන 500 ක් ලබාදෙන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එන්තරවාසියක් යෑවූ බව පසුගිය අගෝස්‌තු 6 වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ගම්මන්පිල මහතා පැවැසීය.
2003 වසරේදී ගැහැනු ළමයකු කසාද බඳින බවට පොරොන්දු වී ඇය අනාථ කළ බවට පොලිසියේ පැමිණිල්ලක් ඇති බවත් තමා යකඩ සොරකම් කර ඇති බවත් පළාත් සභා මැතිවරණයෙන් පසු තමා ඉදිරිපත් කළ අයවැය බොරු බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ රූපවාහිනි වැඩසටහනේදී අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් තමාට අපහාස කළ නිසා ඊට වන්දි ලබා ගැනීමට මෙම එන්තරවාසිය යෑවූ බව ගම්මන්පිල මහතා එම මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබිණි.
Related