ඇමතිකම ගත්තේ මගේ උවමනාවට නොවෙයි – වායු ඇමති චන්දිම

තමන් ඇමති ධුරයක් බාර ගත්තේ තම ඕනෑමකට නොව පක්‍ෂයේ අභිවෘද්ධිය සඳහා බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ...

තමන් ඇමති ධුරයක් බාර ගත්තේ තම ඕනෑමකට නොව පක්‍ෂයේ අභිවෘද්ධිය සඳහා බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

සිය සමාජ ගණුම හරහා ඔහු මෙසේ සඳහන් කර ඇත.


"මහින්ද මහත්මයා පක්ෂ සම්මේලනයට ජනාධිපතිතුමා සමග එක්ව සහභාගී වීමට නිවැරදිම හේතුව ඔබ සැමට අවබෝධ කරගැනීමට හැකියාවක් ඇතැයි මා විශ්වාස කරනවා…නැතහොත් වැඩි දවසක් නොගොස් අවබෝධ වෙතැයි මා සිතනවා..

මාහට මෙම අමාත්‍යංශය ලැබෙන්නේ මා විසින් මාගේ පක්ෂය ඔසවා තැබීමට ගත් උත්සාහයට හා ඉන් අප පක්ෂය ලැබූ ජයග්‍රහණය නිසා මිස, වෙන කිසිවක් නිසා නොවන බව මා විශ්වාස කරනවා..

මා අද කැබිනට් එකේ ඉන්නේ සමස්ත පරාජය තුල අප ලද ජයග්‍රහය තවදුරටත් ජයග්‍රහණයක් කිරීමට මිස ආණ්ඩු පක්ෂයේ හෝ UNP එකේ පුද්ගලයින්ගේ පසුපස ගොස් හෝ නොවෙන බව ඔබ සැම අවබෝධ කොට ගනු ඇතැයි මා විශ්වාස කරමි…

මේ අවස්ථාවේ මා හා මාගේ පරම්පරාවම ආරක්ෂා කොට ගත් දේශපාලන පක්ෂය වන නිදහස් පක්ෂයේ තීරණයට පිටින් යාම මා නොකළ යුතු යයි මා විශ්වාස කරනවා… ඊට හේතුව ලෙස මා දකින්නේ නිදහස් පක්ෂය විනාශ වුවහොත් හෝ දෙකට කැඩූනහොත් එජාපයට අභියෝගයක් එල්ල කිරීමට තරම් නායකයෙක් හෝ වෙනත් පක්ෂයක් මේ වනවිට නොමැති බැවිනි…

අප සියලු දෙනාගේ පරාජය හමුවේ ආසන 95 ලැබීම දක්කවා වූ ජයග්‍රහණය වෙනුවෙන් මහින්ද මහතාගේ කැපවීම හා ඊට ලැබියයුතු ගෞරවය හා යුතුකම සිදුවන්නේ මේ අවස්ථාවේදී නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම තුලම පමණක් බව මාගේ සහ වැඩිපුර ජෙෂ්ඨයන්ගේ අවබෝදය බව මට උදව් කල සියලු පාක්ෂිකයින් අවබෝධ කොට ගනිවියැයි මා තදින්ම විශ්වාස කරනවා…

මෙතැන් සිට මාගේ කාර්යභාරය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කැබිනෙට්ටුව නියෝජනනය කිරීම මිස එජාපයට එක්වී වැඩ කිරීම නොවේ.

නමුත් මහජනතාව අපව පරාජය කිරීම තුල අපහට ලැබී ඇත්තේ ඇමතිදුර 48 කින් 14ක් පමණි..

මහජනතාව අප පක්ෂය පරාජය කොට ඇත. අපට මහජනතාව දි ඇති ශක්තිය තුල සිට රටට හානියක් වෙන හෝ වීමට ඉඩ ඇති අවස්තාවන් වලදී කටයුතු කිරීම කැබිනෙට්ටුව තුලදී මා මට හැකි උපරිම ප්‍රමාණයෙන් වග බලාගැනීමට මා විශ්වාස කොට මා වෙනුවෙන් චන්දය ප්‍රකාශ කල සැමදෙනාට නොබියව ප්‍රකාශ කරමි…"





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Mun okkoma dan sudanan, Mahinda nisa munta thanak awe.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 5886038042442011940

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item