දකුණු අප්‍රිකානු ජනපති ජාකොබ් සුමා චිනේ ගිහින් යන ගමන් රනිල් පැයකට හදිසියේ හමු වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සූමා මුණගැසී සාකච්ඡා කර තිබේ. ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සූමා මුණගැසී සාකච්ඡා කර තිබේ. ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී එම සාකච්ඡා පැවැති බව වාර්තා වේ.

චීන සංචාරයක නිරතවී යළි දකුණු අප්‍රිකාව බලා ගමන් කරමින් සිටියදී ජෙකොබ් සූමා මහතා බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

පැය දෙකකට අධික කාලයක් ඔහු බණ්ඩාරනායක ගුවන් තොටුපළේ රැදී සිටි බව වාර්තා විය. මෙම කාලය තුළ අග්‍රාමාත්‍යවරයා සහ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අතර හමුව සිදුව ඇති බව සඳහන්ය.

මේ අතර අප්‍රිකානු ජනපති චීනෙට යන ගමන් පසු ගියදා මංගල ඇතුළු පිරිසක් මුණ ගැසුණු අතර ඉන් පෙර දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රම්පොසාද ජපානෙට යන ගමන් හදිසියේ ලංකා රජයේ නියෝජිතයන් හා සාකච්චා පවත්වා තිබුණි.









මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6735981212366588682

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item