සිසුවියන් සිව්දෙනෙකු අපයෝජනය කළ ගුරුවරයෙක් අත්අඩංගුවට [PHOTOS]

මස්කෙළිය පොලිස් වසමට අයත් මොටින්හෑම් වතුයායේ දමිළ වතුපාසැලක 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටින අවුරුදු දාහතර (14) සහ පහළොව (15) වයස් කාණ්ඩවල පස...

මස්කෙළිය පොලිස් වසමට අයත් මොටින්හෑම් වතුයායේ දමිළ වතුපාසැලක 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටින අවුරුදු දාහතර (14) සහ පහළොව (15) වයස් කාණ්ඩවල පසුවන සිසුවියන් සිව්දෙනෙකු (4) කාලයක් තිස්සේ අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසැලේ ගුරුවරයෙකු මස්කෙළිය පොලීසිය මගින් ඊයේ ත්අඩංගුවට ගෙන තිඛෙනවා.

මෙම සැකකාර ගුරුවරයා අවුරුදු තිස් එකකවිවාහක එක්දරු පියෙක් වන අතර ඔහු නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංච්කරුවෙකු බවයි පොලීසිය පවසන්නේ. පාසැල් සිසුවියන්ට බාහිර පන්ති පවත්වන මුවාවෙන් මෙම සැකකරු කාලයක් තිස්සේ වරින් වර සිසුවින්ව අපයෝජනයට ලක්කළ බවට එම සිසුවියන් හා සිසුවින්ගේ දෙමාපියන් විසින් මස්කෙළිය පොලීසියේ පැමිණිල්ලක් කර තිඛෙනවා.

එම සිසුවියන් සිව්දෙනා නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3027005231387880612

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item