ජනතාව හදවත් වලින් බෙදිලා සිටිියොත් රටකට ඉස්සරහට යන්න බැහැ - රංජිත් සියඹලාපිටිය

"අතීතයේ අපි ඉතාමත් අභිමානවත්ව කතා කලා නොබෙදුන රටක් ගැන. භූගෝලිය වශයෙන් අපේ රට නොබෙදුන රටක්. නමුත් පසුගිය වකවානුවේ ජාතීන් වශයෙන් යම් ...

"අතීතයේ අපි ඉතාමත් අභිමානවත්ව කතා කලා නොබෙදුන රටක් ගැන. භූගෝලිය වශයෙන් අපේ රට නොබෙදුන රටක්. නමුත් පසුගිය වකවානුවේ ජාතීන් වශයෙන් යම් යම් බෙදීම් පැවතුණා. රටක් වශයෙන් පෙරට යන්න නම් මෙම පටු බෙදිම් වලින් ඉවත්වෙලා, එකිනෙකා අතර දැවැන්ත ගරු කරගැනීමක් අත්‍යාවශයයි. එහෙම නැතිව රටක් වශයෙන් අඟලක්වත් ඉදිරියට යන්න බැහැ, ඒ රටේ ජීවත්වන සෑම පුරවැසියෙක්ම සම සිතින් සලකා, ඔවුනොවුන් අතර අන්යෝන්‍ය බැඳීමක් ඇතිකර ගතයුතුයි. කාලයක් තිස්සේ ඒ ගරුකිරීම නැතිවූ නිසයි රටේ විශාල ප‍්‍රශ්න ඇතිවුණේ. රට ආපස්සට ගියේ. ඒ නිසා අපි ආරම්භයේ සිටම එම ගරු කිරීමේ සංකල්පය ජනතාව පුරුදු පුහුණු කළ යුතුයි. ඒ සඳහා අපි හැම කෙනෙක්ම කැපකිරීමක් කළ යුතුයි" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ඒ මහතා මේ අදහස් පළකළේ පසුගියදා කොළඹ 14, ලෙයාර්ඞ්ස් බ්‍රෝඞ්වේ පිහිටි ශී‍්‍රී නාරායන ගුරු අනුස්මරණ ශාලාවේ පැවති ශ‍්‍රී නාරායන් ගුරුදෙවි සැමරුම් උළෙලට සහභාගී වෙමිනි. මලයාලම් ජනතාවගේ ආගමික ශාස්තෘවරයාණන් වශයෙන් සැලකෙන ශ‍්‍රී නාරායන් ගුරුදෙවියන්ගේ 161 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් මෙම සැමරුම් උළෙල සංවිධානය කර තිබිණි.

තව දුරටත් අදහස් දැක්වූ එතුමා,
මේ රටේ ඉන්නවා ජාතීන් 25 ක්් පමණ. අතීතයේ මේ සියලූ දෙනාම සතුටින් ජීවත් වුණා. ඒ සතුට නැතිවුන, අපි බොහෝ සේ බෙදුණු කාලයක් තමයි 1989 වකවානුව. එම බෙදීම් ඉවත දාලා, රටේ සියලූ පුරවැසියන් එකම ජාතියක් වශයෙන් එකතු කරන්න මට වුවමනා වනා. මම එදා දැයට කිරුළ ප‍්‍රදර්ශනයට ඔවුන් කැඳවීමෙන් සියලූ බෙදීම් ඉවතට දාන්න කටයුතු කළා. 

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උපතින් කෙනෙක් බමුණෙක් හෝ බ‍්‍රාහ්මණයෙක් නොවන බවයි. ශ‍්‍රි නාරායන් ගුරු දෙවියනුත් ඒ හා සමානම අදහසක් තමයි සිය ආගමික දර්ශනයෙන් හෙළි කලේ. එතුමා දේශනා කළේ, එකම කුලයක්, එකම ආගමක් සහ එකම දෙවියෙක් යන්නයි. එතුමාගේ දර්ශනයට අනුව අප සියළු දෙනාම ශ‍්‍රී ලංකිකයෝ යන අදහසින් මේ පෙරදිග මුතු ඇටය නම් විරුදාවලි ලත් අභිමානවත් ශ‍්‍රී ලංකාව රැුකගනිමින් මුළු ලෝකයේම බබළවන්නට එකමුතු වෙමු යැයි පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2295334632311770293

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item