එක්නැලිගොඩ පරීක්ෂණයට අදාලව අත්අඩංගුවට ගත් 4 දෙනාගේ පෙත්සම විභාගයට ගැනීමට අවසරදෙයි

https://www.sathhanda.com/2015/09/prageeth-eknaligoda_29.html
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින යුධ හමුදා නිලධාරින් 04 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණ අද අවසර ලබා දී තිබේ.
එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ලුතිනන් කර්නල් සිරිවර්ධන, සැරයන් ප්‍රියන්ත කුමාර, කෝප්‍රල් අනුර ජයලාල් ඇතුළු සිව්දෙනෙක් රහස් පොලීසිය මගින් සාධාරණ හේතුවක් නැතිව රඳවාගෙන සිටින බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අද අධිකරණය හමුවේ පවසා ඇත.
මේ නිසා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ
Related